අපේ ඇගයුම්, අපේ වගකීම් යන සියල්ලම දැවැන්ත ලෙස මිත්‍යා දෘෂ්ඨියක ගිලි ඇති බව ප්‍රවීණ රංගන ශිල්පීණී නදී කම්මැල්වීර පවසන්නීය.



ඇය එබව කියා සිටියේ, මාධ්‍යවේදී ශානුක කරුණාරත්න සමඟ NEXTV ' මචං 'වැඩසටහනට සහභාගී වෙමිනි.

බුද්ධ දර්ශනය ඉතාමත් දුෂිත විදිහට පාවිච්චි කිරීම ගැන තමන් කණගාටු වන බව පවසන නදී කම්මැල්විර, ''මේක කුඩු බිස්නස් කරන, මිනීමරුවන්ටත් පිරිත් නුල බඳින, මල්වට්ටි උස්සගෙන කතරගම දුව දුව දේව පුජාකරන පිස්සු සමාජයක්'' යයි ද එම වැඩසටහනේ දී පැවසුවාය.

ශ්‍රී ලංකාව මෙතරම් ආගම අදහන රටක් නම් අප මේවන විටත් එයින් ලඟා කරගත යුතු යමක් තිබිය යුතු බව පවසන ඇය, සංඝයා  වහන්සේලාගේ සිට සියලුම දෙනා අන්ත පරිහානියට පත්ව ඉතාමත් නරක තැනක සිටින බව ද කියා සිටියි.


අධ්‍යාපනය ලබා දෙන්නේ මොන අරමුණකින්ද ? අධ්‍යාපනය බිහි කරන්නේ කවුද ? යන්න ප්‍රශ්නයක් බවත්, ජාතිවාදය ඇවිස්සීමෙන් මිනිසුන් කණපිට හැරවිය හැකි බවත් ඇය සඳහන් කරයි.



තමන් ඉතාලියේ ටෙලි නාට්‍ය මාලාවකට රංගන දායකත්වය ලබා දුන් බවත් එය වතිකානුව සම්බන්ධ කරගත් ටෙලිනාට්‍යක් බවත් පැවසු නදී, ''නමුත් ශ්‍රී ලංකාවේ දළදා මාලිගය, අටමස්ථානය නොව භික්ෂු චරිතයක් යොදා ගනිමින් නිර්මාණයක් කළහොත් එක්කෝ CID යන්න වෙලා, නැතිනම් ගල් ගහලා, නැතිනම් ශාරීරික හිංසා කරලා''යයි සඳහන් කළාය.

නමුත්, වතිකානුව සම්බන්ධ නිර්මාණයට දායක වීමේදී තමන්ට එසේ කිසිඳු බාදාවක් නොවූ බව ඇය පැවසුවාය.



ළිං තුළ සිටින මැඩියන් සේ චින්තනයෙන් නිදහස් නොවූ ජාතියක් ලෙස නුතන සමාජය දකින බව ඇය මෙහිදී ප්‍රකාශ කළාය.


දේශපාලනය යනු අත්සන් කරන ගිවිසුම් හෝ රටේ සිදුවන දේ හෝ විකුණන සම්පත් හෝ නොවන බව ද නදී කම්මැල්වීර අවධාරණය කර සිටියාය.

  ඉදිරි වසර තුළ සිදුවන සියලුම දේවල් සහ දරුවන්ගේ සහ සියලු දෙනාගේ ජිවිත වලට බලපන බව ද ඇය පවසන්නීය.

එමෙන්ම දැවැන්ත පරිසර විනාශයක් රට තුල සිදුවන බව ඇය පෙන්වාදෙයි. පාරවල් සෑදීම හරහාද  දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බව පැවසු ඇය, එය දේශපාලනයද? යනුවෙන් ප්‍රශ්න කළාය.

ජිවත් වීමට නම් වතුර ටික අවශ්‍ය බවද , ගස් ටික අවශ්‍ය බවද, ජිවත් වීමට සුදුසු ආර්ථිකයක් ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර සිටින ඇය,  එමෙන්ම රටක නීතියක් යුක්තියක් තිබිය යුතු බව ද පෙන්වාදෙයි.



පුරවැසියෙක් විදිහට යම් කිසි දේශපාලන පක්ෂයක් තෝරා ගත යුතු නම් තමන් 'ජාතික ජන බලවේගය' තොර ගන්නා බව රංගන ශිල්පීණී නදී කම්මැල්වීර සඳහන් කළාය. කොන්දේසි සහිතව තමන් ඔවුන්ට සහයෝගය දෙන බවත් ඔවුන් දුෂිත සංවිධානයක් නොවන බවත්, තමන් මේ අවස්ථාවේ ඔවුන් සමඟ සිටගන්නා බවත් ඇය අවසන් වශයෙන් පැවසුවාය.

 

 

 

  

Leader Whats app

 
 
 
 
මහින්ද එලවීම පවුලේම කුමන්ත්‍රණයක්!
 
 
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්