ජිනවති කුමාරිහාමි ගොපල්ලව අලුවිහාරේ මහත්මියගේ පොලොස් කරිය තමා ලංකාවේ රසවිඳි රසවත් ම පොලොස් කරිය බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

 හිටපු අගමැතිවරයා එබව සඳහන් කර ඇත්තේ, අභාවප්‍රාප්ත ජිනවති කුමාරිහාමි ගොපල්ලව අලුවිහාරේ මහත්මිය වෙනුවෙන් අද (08) දින නිකුත්කර ඇති ශෝක පණිවිඩයේ ය.

''මාතලේ මම පැමිණි සැම අවස්ථාවකම එතුමිය මුණගැසුන අතර එහිදී සංග්‍රහ කල පොලොස් කරිය මා රසවිඳි ලංකාවේ රසවත් ම පොලොස් කරියයි. ඇය ටම අවේනික වට්ටෝරුවක් හා ක්‍රමවේදයකින් රස ගැන් වු පොලොස් කරිය අදටත් මට අමතක නොවේ. '' යයි එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ශෝක පණිවිඩයේ සඳහන් වේ.

දිවංගත හිටපු අමාත්‍ය ඇලික් අලුවිහාරේ මහතාගේ ආදරණිය භාර්යාව වුද, ලංකා ජනරජයේ හිටපු ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමාගේ ඥාති   දියණිය වූ අභාවප්ප්‍රාප්ත ජිනවති කුමාරිහාමි ගොපල්ලව අලුවිහාරේ මැතිණියට තමාගේ සහ මහාචාර්ය මෛත්‍රී  වික්‍රමසිංහගේ ශෝකය පළකර කරමින් හිටපු අගමැතිවරයා එම ශෝක පණිවිඩය නිකුත්කර තිබේ.


'' එතුමිය ඇලික් අලුවිහාරේ මහතාට සහ දු දරුවන්ට ශක්තියක් වෙමින් ආදර්ශමත් සහ නිහතමානී  ගෘහනියක් ලෙස ක්‍රියා කළහ. එමෙන්ම නිතර සිනා මුසු මුහුණින් මහජනතාව සමඟ සහ සම්බන්ධ වී කටයුතු කළ අතර කිසි දිනක දේශපාලන වේදිකාවට ගොඩ නොවූ ද සැමියා මෙන්ම දරුවන් දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේ පිටුපස සිටි මහත් ශක්තිය යි.

වයස අවුරුදු 70 ක් ආයු  වළඳා ජිවන ගමනින් සමුගෙන යන ජිනවති කුමාරිහාමි ගොපල්ලව අලුවිහාරේ මැතිණියට නිවන් සුව අත්වේවායි ප්‍රර්ථනා කරමු.'' යයි එජාප නායකයාගේ ශෝක පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

 

 

Leader Whats app

 
 
 
 
මහින්ද එලවීම පවුලේම කුමන්ත්‍රණයක්!
 
 
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්