හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවැති බණ්ඩාරනායක ගුණ සමරුවට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය

අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත ද එක්ව සිටියේය.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මෙන් ම පොදුජන පෙරමුණු (පොහොට්ටු පක්ෂයේ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ 123 වන ජන්ම දිනයට (ජනවාරි 08) යෙදී තිබිණ. ඒ වෙනුවෙන් සැමරුම් උත්සව 02 ක් ගාලු මුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස ඊයේ පැවැත්විණ.

ඉන් එක් සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබුණේ බණ්ඩාරනායක මැතිතුමාගේ දියණියක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසක් විසිනි.

එම අවස්ථාවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  සහ අර්ජුන රණතුංග හා ජීවන් කුමාරතුංග යන හිටපු පාර්ලිමේන්තු අමාත්‍යවරුන් ද එක්ව සිටියේය.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙසේ පැවසුහ.

  




sts


එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ සඳහන් කළේය.

 

Leader Whats app

 
 
 
 
තත්ත්වය දරුණු අතට, බී .ආර්ගෙන් බුද්ධි අංශයක් .! | මොණරවිලගේ ලියමන
 
 
 
මහින්ද එලවීම පවුලේම කුමන්ත්‍රණයක්!
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්