බොදුබල සේනා සංවිධානයේ මහ ලේඛම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරඟ කරන්නේ නම්,

තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවී උන්වහන්සේට සහය දැක්වීම සඳහා  නගානන්ද කොඩිතුවක්කු කොන්දේසියක් ඉදිරිපත් කර ඇත.

තමා විසින් ප්‍රකාශයට පත්කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, සිය ප්‍රතිපති ප්‍රකාශයට ඇතුලත් කරන බවට ඥානසාර හිමියන් රට හමුවේ පොරොන්දුවක් ලබදියුතු බව නගානන්දගේ එම කොන්දේසියයි.

අද (08) කොළඹ OPA හි පැවති සාකච්ජාවක දී ඔහු එබව සඳහන් කර තිබේ. ජනාධිපතිවරණයට ස්වාධීනව තරඟ කරන බවට ප්‍රකාශිත පුද්ගලයින් කිහිප දෙනෙකු කැඳවා මෙම සාකච්ජාවට සංවිධානය කර තිබුනේ 'විසඳුම' නමැති සංවිධානයක් විසිනි.

 පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මෙන්ම නගානන්ද කොඩිතුවක්කු හා රොහාන් පල්ලෙවත්තට ද මෙම අවස්ථාවට ආරාධනය කර තිබිණ.

ඥානසාර හිමි මුදාගැනීමට

සාකච්ජාව අතරතුරදී අදහස් දක්වා ඇති බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී, කථිකාචාර්ය දිලන්ත විතානගේ,  ඥානසාර හිමියන්ට අසාධාරණ සිර දඬුවමක් ලබාදී තිබියදී නගානන්ද කොඩිතුවක්කු උන්වහන්සේ වෙනුවෙන් කිසිඳු උපකාරයක් නොකළ බවට චෝදනා කර ඇත.

එහිදී කොඩිතුවක්කු පවසා ඇත්තේ හාමුදුරුවන් වරදක් කර තිබු නිසා තමා ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී නොසිටි බවයි. ඥානසාර හිමියන් වහාම ඊට ප්‍රතිචාර දක්වා තිබු අතර ඔවුන් දෙදෙනා අතර බොහො වේලාවක් මත ගැටුමක් සිදුව තිබේ.

කෙසේවුවද ඥානසාර හිමියන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් කොන්දේසියකට යටත්ව උන්වහන්සේට සහය දැක්වීමට නගානන්ද කොඩිතුවක්කු එකඟතාවය පළකර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්