නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් අධිකරණ විනිසුරන් අතර සිතල යුද්ධයක් ආරම්භවී ඇතැයි අධිකරණ

අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් ජ්‍යේෂ්ඨ නිලධාරීන් මහේස්ත්‍රාත්වරුන්ට අනිසි බලපෑම් කිරීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇතැයි පැවසේ.

ඒ සම්බන්ධ ආසන්නම සිද්ධිය ලෙස වාර්තා වන්නේ, කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයකුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරියක හා කනිෂ්ඨ නීතිඥවරියක් නිතිපතිවරයට කල පැමිණිල්ලක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා දැනුවත්කර තිබීමයි.

වාර්තා වන අන්දමට නඩු විභාගයන්ට අධිකරණය විසින් දින නියමකරන දිනයන්හි අදාල රජයේ අධිනීතිඥවරිය හා කනිෂ්ඨ නීතිඥවරිය පෞද්ගලික හේතුන් ඉදිරිපත්කරමින් දිගින් දිගටම නඩු විභාගවලට සහභාගී නොවීම නිසා නඩු කටයුතු වල සිදුවන ප්‍රමාදය පිළිබඳව කනස්සල්ල පළකරමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මිට ඉහතදී නීතිපතිවරයා වෙත දැනුම්දීමක් කර තිබේ.

අනතුරුව නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් තිබියදී අදාල රජයේ නීතිඥවරියන් දෙදෙනා ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

අනතුරුව ඔහු විසින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත්කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී අගවිනිසුරුවරයා විසින් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතබව අධිකරණ අමාත්‍යංශ ආරංචිමාර්ග තවදුරටත් කියා සිටියි.

ඕනෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනීසිටින අතර පැමිණිලි පාර්ශවයට අවාසිදායක ඇතැම් නඩුවලදී අදාල නඩුව විභාගකරන විනිසුරුවන්ට හිටිහැටියේ ස්ථාන මාරුවීම් ලබාදෙන බවට පසුගිය කාලයේ අධිකරණ අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබු බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යංශයේ නිලධාරියකු පැවසුයේ, කොළඹ අංක 1 මහේස්ත්‍රාත්වරයට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ තරුණ නීතිඥවරියන් දෙදෙනෙකු නීතිපතිවරයා නොමග යවා ඇතිබවට විනිසුරුවන් කිහිප දෙනෙකුගෙන්ම පැමිණිලි ලැබී ඇතිබවයි. 

 
 

Leader Whats app

 
 
 
 
රනිල් අගමැති කතාවෙන් වෙච්ච යුද්දයක් ! |Gossip

 
තත්ත්වය දරුණු අතට, බී .ආර්ගෙන් බුද්ධි අංශයක් .! | මොණරවිලගේ ලියමන
 
 
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්