1200 x 80 DMirror

 
 

උසාවියෙන් ඇප නියම කළ වහාම රිමාන්ඩ් සිරකරුවන්ට නිදහස ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස

අවුරුදු එකහමාරකට වැඩි කලක් සිරගතව සිට ඇප නියමවූ දෙමළ කවිකාර මුස්ලිම් ගුරුවරයෙක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී.

කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් විසින් එම ඉල්ලීම කර ඇත්තේ නීතිය උල්ලංඝනය කරමින් තමන් සිරකොට තබා ගැනීම අභියෝගයට ලක් කරමින් බන්ධනාගාර බලධාරීන්ට එරෙහිව කරන ලද පැමිණිල්ලකිනි.

එම පැමිණිල්ලෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරී රජීව් ශ්‍රීමාල් සහ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ඇතුළු පිරිසකි.



ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන දහනම මාසයක් සිරකොටගෙන සිටීමෙන් අනතුරුව උසාවියෙන් ඇප දුන් පසුත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බලධාරීන් විසින් තමන් පැය විසිහතරකට වැඩි කාලයක් අත්තනෝමතික සහ දෝෂ සහගත ලෙස නීති විරෝධී අත් අඩංගුවේ රඳවාගෙන සිටි බව කවියා පැමිණිල්ලේ දක්වා ඇත.



එමගින් තමන්ගේ පුද්ගලික ස්වාධීනත්වය, ගෞරවය හා නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටින කවියා ඊට වන්දි වශයෙන් රජය සහ/ හෝ වගඋත්තරකරුවන් ගෙන් කෝටි බාගයක මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ඇතැයි ඔහුගේ නීතිඥ සංජය විල්සන් ගුණසේකර පවසයි.

එමෙන්ම, අධිකරණ නියෝගයක් ලැබුණු විගස සැකකරුවන් නිදහස් කිරීමට ඉඩ සැලසෙන පරිපාලන යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම සඳහා නිර්දේශයක් ලබා දෙන මෙන්ද පැමිණිල්ල මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් අහ්නාෆ් ජසීම් අත් අඩංගුවට ගෙන තිබුනේ 2020 මැයි 16 දා පන්ඩාරවේලියේ පිහිටි ඔහුගේ නිවසේදීය. එම අත් අඩංගුවට ගැනීම පවා නීති විරෝධී බවට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුවක්ද ඇති බව කවියා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙන්වා දී තිබේ.  

ඔහුට අධිචෝදනා ගොනු කරන ලද්දේ 2021 නොවැම්බර් 15 දාය. එය 2021 නොවැම්බර් 15 දා පුත්තලම මහාධිකරණයේ විභාග කිරීමට ගන්නා ලද අවස්ථාවේ සිරගත කවියා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පතක්ද සැලකිල්ලට ගෙන තිබේ. එහිදී ඔහුට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව එකඟතාව පළකර ඇත.

උසාවි නියමය පරිදි එදින පස්වරු 1.30 වන විට රුපියල් පන්ලක්ෂයක ශරීර ඇප තුනක් බැඳීමෙන් සහ තමන් සතුව ගමන් බලපත්‍රයක් නැති බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දීමෙන් නිදහස් වී යාම සඳහා අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කළත් බන්ධනාගාර බලධාරීන් මුස්ලිම් කවියා මුදා හැර නැත.



“කෙසේවෙතත්, මා නිදහස් නොකළ CRP නිලධාරීහු එකී දෙසැම්බර් 15 පස්වරු 4.30 පමණ වනවිට අත්තනෝමතික ලෙස මා පුත්තලමේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගෙන ගියහ,” යි අහ්නාෆ් ජසීම් කොමිසමට කළ පැමිණිල්ලේ කියා ඇත.



ඔහුගේ නීතිඥවරුන් විසින් ගොනු කරන ලද මෝසමක් විමසා බැලූ කොළඹ මහේස්ත්‍රාත් උසාවිය විසින් මහාධිකරණ නියමය පරිදි ඇප දෙන ලෙස පසුදා නියෝගයක් දෙන තුරුම ඔහුට නිදහස ලබා ගන්නට හැකිවී නැත.

“අන්තිමේදී මා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස් කර යවන ලද්දේ 2021 දෙසැම්බර් 16 වැනිදා පස්වරු 4.30 ට පමනය.”

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි.



සබැඳි පුවත් :

සිරකළ මුස්ලිම් කවියාට ඇප දීමට නීතිපති 18 මාසයක් ගනී

ත්‍රස්ත පොලිසිය හිරකරගෙන සිටි මුස්ලිම් කවියාට 18 මාසයකට පසු නඩු

හිරේ දැමූ අහ්නාෆ් ජසීම් කවියාට අවුරුද්දකට පසු නීතිඥයන් හමුවීමේ වරම

මුස්ලිම් කවියාගේ නඩුවට උත්තර දෙන්න නීතිපති උසාවියේ නෑ

රිමාන්ඩ් කර සිටින අහ්නාෆ් ජසීම්ට සමාන පහසුකම් දීමට උසාවි නියෝගයක්

අහ්නාෆ් නිදහස් කරන ලෙස ඉල්ලීමට යුරෝපා ආණ්ඩු එක්වේ  

කවි පොතට හිරේ දැමූ කවියා නිදහස් කරගන්නට ජාත්‍යන්තර සංවිධාන සමූහයක් එක්වෙයි

මුස්ලිම් කවියාට විරුද්ධ චෝදනා ඔප්පු කරගන්න බැරිව CTID උපාමාරුවක

මුස්ලිම් තරුණ කවියකු රඳවාගැනීම ගැන TID ලොක්කාට ප්‍රශ්න

සිර කළ මුස්ලිම් කවියකු වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක්

 

Leader Whats app

 
 
 
 
රනිල් අගමැති කතාවෙන් වෙච්ච යුද්දයක් ! |Gossip

 
තත්ත්වය දරුණු අතට, බී .ආර්ගෙන් බුද්ධි අංශයක් .! | මොණරවිලගේ ලියමන
 
 
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58