1200 x 80 DMirror

 
 

කොළඹ අගනුවර සිට උතුරුකරයේ කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන් හට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් ඊයේ (09)

ආරම්භ කෙරෙණි.

එහි මංගල ගමන ඊයේ  පෙ.ව. 5.10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය විය.

මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව. 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් පැමිණිමට ධාවන කාල සටහන සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නවීන තාක්ෂණය අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10 ක් සහ බලවේග එන්ජින් 02ක් ඇති අතර සියලුම මැදිරි වායු සමනය කර ඇත.

එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් මෙම දුම්රිය තුල ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කටයුතු යොදා ඇත. ඒ අතර සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාර රථයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් වේ.

 

මෙම දුම්රියේ සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන මගීන් හට මසකට පෙර සිට ජාලගත ක්‍රමයට (Online) ඊ  ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට හැකිවන බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

 

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලදිගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2500කි.  මෙම දුම්රිය ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකසා ඇත.

දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණ. ඉන්පසු අමාත්‍යවරිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කල අතර මෙම අවස්ථාවට දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.

train 3train sw 
 
 
 

Leader Whats app

 
 
 
 
පණ ඇරලා කඩේ ගිය වුන්ට හොඳ ම වැඩේ !| මොණරවිලගේ ලියමන
 
 
 
රනිල් අගමැති කතාවෙන් වෙච්ච යුද්දයක් ! |Gossip

 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්