දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී පී.ඩබ්ලිව්. හෙන්දාහේවා,

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා වෙත දන්වා ඇතැයි Lanka Lead News වාර්තාකර තිබේ.

ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා පැයක විදුලි කප්පාදුවක් සහ සවස 6 සිට රාත්‍රී 9 දක්වා උපරිම පැය වලදී විනාඩි 45ක විදුලි කප්පාදු දෙකක් ඒසේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පද්ධති පාලන) ආර් අලහකෝන් විසින් සති දෙකකට පමණ පෙර ලංවිම සාමාන්‍යාධිකාරීවරයාට දන්වා ඇත්තේ ඉල්ලුම සැපයුම අතර හිඟය මඟහරවා ගැනීමට නම් අවම වශයෙන් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කළ යුතු බවයි.

 

විදුලි බල මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරියෙකුට අනුව පූර්ව දැනුම්දීමකින් පසු නිශ්චිත වේලාවක යම් ප්‍රදේශයකට විදුලිය විසන්ධි කරන විට සැලසුම්කල විදුලි කප්පාදුවක් වන අතර නියමිත නොවන විදුලි කප්පාදුවලින් අදහස් වන්නේ ඉල්ලුමට සරිලන පරිදි සැපයුමට නොහැකි වූ විට, පද්ධතිය ස්වයංක්‍රීයව බිඳ වැටීමයි.

 

එහිදි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, “අපිට ඒක නවත්වන්න බැහැ. දැන් රටේ වෙන්නේ ඒකයි. ඒකයි අපි කලින්ම කිව්වේ පවතින යථාර්ථය තුළ නිල වශයෙන් නියමිත විදුලිය විසන්ධි කරන්න වෙනවා කියලා. ඒත් බලධාරීන් පියවර ගත්තේ නැහැ” යනුවෙනි.

අද වන විට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් ජල විදුලියෙන් ද සියයට 30ක් ගල් අඟුරු බලයෙන්ද සියයට 22ක් තෙල්වලින්ද තවත් සියයට 8ක් සූර්ය හා සුළං බලයෙන්ද සපුරනු ලබයි. වර්ෂාව නොමැති බැවින් ජල පෝෂක ප්‍රදේශවල කුඩා ජල විදුලි බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොවේ.

 

මේ අතර ඇතැම් මාධ්‍යය වාර්තා කර ඇත්තේ, ලංවිම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) රු. බිලියන 90 ක මුදලක් ගෙවා නැති බවත් ඩොලර්වලින් ණය පියවන්නේ නැත්නම් ඉන්ධන සැපයීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය සති තුනකට පෙර ලංවිමට දන්වා තිබුණු බවත්ය.

 

ගල්අඟුරු හිඟ වෙයි:  ඩොලර් නැහැ ! ණයවර ලිපි නිකුත් නොකරයි !!


මේ අතර ''ලංකාදීප' වාර්තාකර ඇත්තේ, ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බවයි.

ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසු බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක්  කීය.

දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.

 
 

Leader Whats app

 
 
 
 
 
 
 
පණ ඇරලා කඩේ ගිය වුන්ට හොඳ ම වැඩේ !| මොණරවිලගේ ලියමන
 
 
 
රනිල් අගමැති කතාවෙන් වෙච්ච යුද්දයක් ! |Gossip

 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්