1200 x 80 DMirror

යහපාලන ආණ්ඩු සමයේ අභය භුමි ලෙස වෙන්කරන ලද ඉඩම් රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ වෙනත් කටයුතු සඳහා මුදා හැර ඇති බව හෙළිවී තිබේ.



වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය විසින් 2015 ජුනි 22 වැනිදා ඉඩම් හෙක්ටයාර් 1728 ක් නෙඩුන්තීව් අභය භූමියට අයත් සංරක්ෂිතයක් ලෙස ගැසට් කෙරිණි.

ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවේ වනජීවී අමාත්‍ය සී.බී.රත්නායක විසින් උතුරු පළාත් වනජීවී අධ්‍යක්‍ෂක එම්.පරමේශ්වරන් වෙත 2021 පෙබරවාරි 14 වැනිදා ලියා අණ කොට ඇත්තේ නෙඩුන්තිව් අභයභූමියට අයත් හෙක්ටයාර් 537 ක කොටසක් හැර සෙසු ඉඩම් හෙක්ටයාර් 1191 ක් නිදහස් කරන ලෙසය.

 

මෙම ඉඩම් මුදා හරින ලෙසට සඳහන් ලිපියේ අමාත්‍ය රත්නායක හේතු ලෙස දක්වා ඇත්තේ, සංරක්ෂිතයට අයත් ජනතාව පදිංචිව සිටි ප්‍රදේශ, සංවර්ධන කටයුතු සහ කෘෂිකාර්මික වැඩ වෙනුවෙන් භාවිතයට ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවය.

 

ඒ අනුව උතුරු පළාත් වනජීවී අධක්ෂකවරයා විසින්  නෙඩුන්තිව් අභය භුමියේ ඉඩම් නිදහස් කරන ලෙස 2021 මාර්තු 08 වැනිදා යාපනය දිසා ලේකම්ගෙන් කළ ඉල්ලීමට අනුව එම හෙක්ටයාර් 1191 මුදා හැරීමට නියමිතය.

වනජීවී අභය භූමියක් ආණ්ඩුව විසින් මෙලෙස මිනිස් ක්‍රියාකාරකම් සඳහා බෙදා දීමට යන්නේ යුද්ධයට පෙර තමන් ජීවත් වූ බිම් පෙදෙස් වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන විසින් අත්පත් කරගැනීමට විරුද්ධව උතුරුකරයේ දෙමළ ජනතාව නිරන්තර අරගලයක යෙදී සිටියදීය.

ලංකාවේ ඉහළම කැලෑ සත්ව ගහනයක් සහිත භූමි භාගය වන නෙඩුන්තීව් ජාතික උද්‍යානය සියක්කාරයන් ඇතුළු සංක්‍රමණික පක්ෂීන්ගේ ගැවසුම් බිමකි.

 
 

Leader Whats app

 
 
 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය