හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙනවාද ? නැද්ද ?

යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බවට අභියාචනාධිකරණය නියම කළේය.

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන්කිරීම හා සාක්ෂි ගෙතු බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සම්බන්ධයෙන් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම මේනකා විජේසුන්දර සහ එස්. කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී චම්පික රණවකට එරෙහිව හෙට (11) දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කරන ලද ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.



පෙත්සම්කාර චම්පික රණවක කියා සිටින්නේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ බව කියන රිය අනතුරකට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවය.



එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව චම්පික රණවක සඳහන් කරයි.

අනතුරුව නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව ද චම්පික රණවක අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන පවසන්නේ මහාධිකරණ නඩු විභාගය අත්හිටූවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එමෙන්ම තමන්ව අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය !


මේ අතර පාඨලී චම්පික රණවකගේ නීතිඥ කණ්ඩායම වෙනුවෙන් නිවේදනයක් නිකුත්කර ඇති නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි, නඩුවට අදාළව තීන්දුවක් ලබාදුන් බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, නඩුව නැවතත් ජනවාරි 24 වැනිදා අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවනු ලබ බවත් කියා සිටියි.

 

 
නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චිගේ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''අප විසින් කොළඹ මහධිකරණයේ ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවය ප්‍රතික්ෂේපවීමට එරෙහිව ගරු අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන ඉල්ලීමක් අද දින ඉදරිපත් කරන ලදී. එහිදී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා විසින් ගරු අභියාචනාධිකරණය හමුවේ දීර්ඝ කරුණු සැල කිරීමක් සිදුකරන ලද  අතර නොතීසි මත රජය  නියෝජනය කරන අධිනීතිඥවරුන් මෙම අවස්ථාවට සහභාගීවී සිටි නමුත් ඔවුනට කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ඉතිරිව නොතිබිණ. එනිසා දෙපාර්ශවයේ කරුණු සැල කිරීම් සඳහා මෙම මස 24 වැනි දින නඩුව නැවත කැඳවීමට ගරු අභියාචනාධිකරණය තීන්දු කළහ. එදිනට දෙපාර්ශ්වයේ කරුණු සැලකීමෙන් අනතුරුව නියෝගයක් ලබා දීමට නියමිතව ඇත.''

 

  

 

Leader Whats app

 
 
 
 
 
රාජපක්‍ෂලා ඉන්නා තුරු හදිසි ණයක්වත් ගන්න බෑ ! | මොණරවිලගේ ලියමන
 
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්