ජනාධිපතිවුවහොත් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති මාලාවක් විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණ විසින් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂ වෙත ඊයේ පිළිගන්වනු ලැබිය. ඒ, ඊයේ (08 ) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ජාතික නිදහස් පෙරමුණේ තුන්වන ජාතික මහා සමුළුවේ දී ය.


එහිදී රටේ පාලකයා වූ පසු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු උපායොමාර්ගික යෝජනා මාලාවක් සහිත යෝජනාවලිය ගෝඨාබය රාජපක්ෂ වෙත ජානිපෙ නායක විමල් වීරවංශ විසින් පිළිගැන්වූයේ එය සමුළුවෙහි ඒකමතිකව සම්මත කිරීමෙන් අනතුරුවය.

ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ විද්වත් කණඩායමක් විසින් එම ප්‍රතිපත්ති මාලාව සකසා තිබිණ.                                                                                       Gota text 09

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර එක්ව සිටි අතර ඔවුන් ද සමුළුව ඇමතිය.

විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් මෙසේ ප්‍රතිපත්ති මාලාවක් වහාම හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් යුතුව විද්වත් කමිටුවක් විසින් ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් කළ ප්‍රතිපත්ති සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබිය දිය. 

සබැඳි පුවත් :
විමල් හා ගම්මන්පිල, ගෝඨාව 'හයිජැක්' කරයි!

කාටුන්

නවතම පුවත්