නව දේශපාලන පක්ෂ තුනක් සඳහා ලියාපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තමිල් මක්කල් කූට්ටනී, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්රගතිශීලි සන්ධානය යන පක්ෂ තුනට ලියාපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක පවසයි.
උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් ගේ නායකත්වයෙන් තමිල් මක්කල් කූට්ටනී පක්ෂය ස්ථාපිත කර ඇති අතර නවලංකා නිදහස් පක්ෂයේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යි.
මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් දමිල ප්‍රගතිශිලි සන්ධානය ස්ථාපිත කර තිබේ.
ඒ අනුව මෙරට පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79ක් ලෙස ඉහල ගොස් තිබේ.
අලුත් පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවයි
2022 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මේ අතර, නොකඩවා සභාවාර තුනක් හෝ අඛණ්ඩව දින 90ක් සභා රැස්වීම් සඳහා නොපැමිණීම මත සභික ධූරය අහිමිවූ පළාත් පාලන ආයතනවල යම් සභිකයෙකු නැවත එම සභා කාලය තුළ සභික ධූරයක් සඳහා පත් කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත අනුව කළ නොහැකි බවට කොමිෂන් සභාව තීරණය කර ඇත.