ගෑස් සහ භූමිතෙල් අර්බුදයෙන් බැට කන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට සහන සලසන ලෙස කාන්තා සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.



''මුළු රට පුරාම පවතින ගෑස් හා භූමිතෙල් අර්බුදයෙන් වැඩියෙන්ම බැට කන්නේ කාන්තාවන්ය. ඒ අතරින් නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් ක්ෂේත්‍රයේ වැඩ කරන කාන්තාවන් බරපතල පිඩාවට පත් වෙනවා,'' යැයි නිදහස් වෙළඳ කලාප කම්කරු ස්ත්‍රීන් අතර වැඩ කරන මානව සංවර්ධනය සඳහා වූ විප්ලවීය පැවැත්ම [Revolutionary Existence for Human Development] RED සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානයේ ප්‍රධානි චන්ද්‍රා දේවනාරායන විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නිදහස් වෙළඳ කලාප කම්කරුවන් මුහුණ දෙන මෙම ගැටලුවට සහනදායි වැඩපිළිවෙලක් සකසන ලෙසයි.

 

වැඩ කරන දිනයන්හි වෙළඳ කලාප කම්කරුවන්ට ඔවුන්ගේ සේවා තත්වයන් අනුව  උදේ සිට රාත්‍රිය වන තුරු සේවයේ නිරත බැවින් ගෑස් ලබා ගැනීමට පෝලිම් වල රැඳී සිටීමට හෝ තුන්ඩු ලබා ගැනීමට කාල වේලාවක් නොමැති බව RED සංවිධානය පවසයි.

 

''ගෑස් සමාගම් සමග සාකච්ජා කොට ඉරිදා දිනවල ගෑස් බෙදා හැරීමේ ක්‍රමයක් නිදහස් වෙළඳ කලාප වැඩකරන කාන්තාවන් වෙනුවෙන් සකස් කරන්න. ඒ වගේම දැනට අළෙවි නියෝජිතයන්ට ලබා දෙන ගෑස් සිලින්ඩර් 20 වෙනුවට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට නිකුත් කරන්න,'' යැයි චන්ද්‍රා දේවනාරායන මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලයි.

RED සංවිධානය පෙන්වා දෙන පරිදි ඉතාමත් අඩු වැටුපක් ලබා ගනිමින්, කුඩා නේවාසික කාමර වල දිවි ගෙවන මේ වෙළඳ කලාප කම්කරුවන් අද වන ගත කරන්නේ වැඩි වේලක් නිරාහාරවයි.

ආහාර පාන අළෙවි කරන වෙළඳ සැල් ගෑස් හා භූමිතෙල් අර්බුදය හේතුවෙන් වසා දමා තිබේ. කෑම පැකට්ටුවක් සොයා ගැනීම පවා දුෂ්කරය. ඉඳ හිට අසීරුවෙන් හෝ සොයා ගත් එවැනි කෑම පැකට්ටුවක මිල රුපියල් 250 කට වැඩිය. එවැනි මුදලක් දිනපතා දැරීම ද වෙළඳ කලාප කම්කරුවන් ට අසීරු බව මුදල් ඇමතිවරයාට යොමු කළ එම ලිපියේ සඳහන්වේ.

 
 

Leader Whats app

 
 
 
 
 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
රාජපක්‍ෂලා ඉන්නා තුරු හදිසි ණයක්වත් ගන්න බෑ ! | මොණරවිලගේ ලියමන
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්