පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනැගීමේ උත්සාහයක දී සිටින ක්‍රියාකාරී දේශපාලන කණ්ඩායමක නියෝජිතයින් පිරිසක්, ඊයේ (10) පස්වරුවේ හිටපු

කතානායක කරු ජයසුරිය සහ ඔහු සභාපතිත්වය දරන 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණ.

හිටපු ආණ්ඩුකාරවරුන් වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් යුතුව රජිත් කීර්ති තෙන්නකෝන්, අසාද් සාලි සහ නීතිඥ ශිරාල් ලක්තිලක හා නීතිඥ ගුණරත්න වන්නිනායක යන දේශපාලන ක්‍රියාකාරීන්,  කොළඹ - 05, අමරසේකර මාවතේ පිහිටි කරු ජයසූරිය ගේ නිවසේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇත.  

මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයෙන් රට මුදා ගැනීම උදෙසා ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළක් ගොඩනැගීමට විපක්ෂයේ සියලුම බලවේග එක්සත් කිරීමේ අවශ්‍යතාවය එම දේශපාලන කණ්ඩායම විසින් මෙම හමුවේදී අවධාරණය කර තිබේ.

 

රටක් ලෙස අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝගයන් ජයගත හැකි ක්‍රියාකාරී පොදු බලවේගයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය කෙරෙහි මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුකර ඇත.

 

මෙම සංවාදය රටේ සියලු විපක්ෂ බලවේග සමගද තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය එහිදී දෙපාර්ශ්වයම පිළිගෙන ඇති අතර ඒ සඳහා වන එකඟත්වයද පළකර තිබේ.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් කණ්ඩායම පසුගිය දෙසැම්බර් 20 වෙනිදා එජාප මුලස්ථානය වන 'සිරිකොත'ට ගොස් රට මුහුණ දෙන අර්බුදයෙන් මිදීම උදෙසා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ගොඩනැගීම සම්බන්ධයෙන් එම පක්ෂයේ බලධාරීන් සමග ද සුහඳ සාකච්ජා පවත්වා තිබිණ.

මෙම නියෝජිත කණ්ඩායම ජනවාරි 03 ද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමග ද ඒකාබද්ධ පොදු වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සැලසුම් කර තිබී ඇතත්, විපක්ෂ නායකවරයාට උතුරේ සංචාරයක් දී තිබු බැවින් එම සාකච්ජාව අවලංගු කර තිබිණ.



සබැඳි පුවත් :


සිරිකොතට ගිය මෛත්‍රී - අසාද් සාලි ඇතුළු කණ්ඩායමේ ඉල්ලීම !



 
 

Leader Whats app

 
 
 
 
 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
රාජපක්‍ෂලා ඉන්නා තුරු හදිසි ණයක්වත් ගන්න බෑ ! | මොණරවිලගේ ලියමන
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්