ණය වර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන්, ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි මෙරට ප්‍රකට සෞඛ්‍ය වෘත්තීය සමිතියක්

අනාවරණය කර සිටියි.

2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇති බව මාධ්‍ය නිවේදනයක් මගින් අනාවරණය කර ඇත්තේ, 'සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය' සභාපති රවී කුමුදේශ් ය.

ඔහුගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

''සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ සිටය. ඒ සදහා තෝරාගත් සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කල පසු මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සදහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුලට පැමිනීම, ගබඩා කිරීම සිදු වේ.

නමුත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාදයකට ලක්ව තිබේ.

 

කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත වූ ඖෂධ නොවන්නට මේ වන විටත් රට තුල බරපතල ඖෂධ හිගයක් ඇති වී තිබිය යුතු නමුත්, ඉදිරිය පිළිබද නිවැරදි කළමණාකරණයක් සිදු නොවුණහොත් තව මාසයකින් පමණ රට තුල උග්‍ර ඖෂධ හිගයක් ඇතිවීම නොවැලැක්විය හැකිය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරනු ලබන දත්ත හා සැලසුම් පිළිබදව විමසීමේදී, මෙම අර්බුදකාරී තත්වය පිළිබදව නිසි අවබෝධයකින් කරයුතු කරමින් සිටින්නේද යන්න පිළිබදව අවිස්වාසයක් පවතින් අතර, නිවැරදි සංඛ්‍යලේඛණ ඉදිරිපත් කිරීමට කිසියම් බියක් දක්වන්නේද යන්න පිළිබදව සැකයක් මතුවේ.

අවම වශයෙන් ඩොලර් මිලියන 40ක පමණ මුදලක් අවශ්‍ය වන මෙම ගැටලුව විසදා ගැනීම සදහා රජය ලබාදීමට එකගව ඇති ඩොලර් මිලියන 5ක මුදල එක ඖෂධයකටත් ප්‍රමාණවත් නොවන තත්වයක් තිබියදී, එමගින් ගැටලුව විසදාගත හැකි බව ප්‍රකාශ කිරීමට තරම් රාජ්‍ය අමාත්‍යාංශය ඉක්මන් වී තිබීම පුදුමයට කරුණකි.

කෙසේ නමුත් ඉදිරියේදී කල් ඉකුත් වූ වීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන මණ්ඩලයේ බොන්ඩ්ස් මගින් ඉපයෙන ආදායම මගින් මෙම ණයවර ලිපි නිකුත් කල හැකි බවට, මුදල් අමාත්‍යාංශය පොරොන්දුව සෞඛ්‍ය අමාත්‍ය වරයාගේ විශ්වාසයට ලක්ව තිබීම මගින්ද ගැටළුවේ සැබෑ ස්වරූපය හදුනාගෙන නොමැති බව තෙරූම් ගැනීමට ඇති හොද නිදසුනකි.

එබැවින් මාස හතරකට පෙර සිදු කලයුතු සැලසුම් තව දුරටත් ප්‍රමාද නොකර, ගැටළුවේ යතා ස්වරූපය අවබෝධ කර ගනිමින්, ඖෂධ හිගයක් ඇතිවීම වැලක්වීම සදහා යථාර්ථවාදීව මැදිහත්වීම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ වගකීමකි.

 

පිළිකා ඖෂධ, වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග සදහා අවශ්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ වැනි ඖෂධ වර්ග ගණනාවක් මේ යටතේ හිගවීමට නියමිතව ඇත.

 

 


ඉදිරි මාස හයට රටට අවශ්‍ය ඖෂධ පිළිබද පුර්ණ වාර්තාවක් ඉල්ලයි


මෙසේ රට තුළ ඖෂධ හිඟයක් ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ අවධානයක් යොමුව ඇත.

ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති විශේෂ රැස්වීමක දී මෙම වර්ෂය තුළ මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

 

ඉදිරි මාස හය සඳහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් අද (12) දින වන විට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මාස තුන බැගින් වන කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කරමින් මෙම වාර්තාව සකස් වියයුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

 

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද මෙම සාකච්ජාවට එක්ව සිටියේය.

ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණියද ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදිය යුතු බවත් ඒ සඳහා රජය ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.

මෙරටට ඖෂධ ආනයනය කරන රටවල්හි එම ඖෂධ පිළිබද තොරතුරුද, රට තුළ නිෂ්පාදනය කරන ඖෂධ සම්බන්ධයෙන්ද අදාළ තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායකට මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

 

ලොව පළමු රටවල් අතරට එක්වෙමින් මේ වනවිට එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇතැයිද ඒ තුළ එන්නත් මිලියන 51 ක් ඉක්මවා ගෙන ඒමට හැකිවීම ඉහළ ජයග්‍රහණයක් යැයි ද රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

 

කොවිඩ් මර්දනයට ඉහල ප්‍රමුඛතාවය ලබාදුන් සේ රජය ජනතාවට අවශ්‍ය ඖෂධ වෙනුවෙන්ද උපරිම සාධනීය පියවර ගන්නා බව හෙතෙම මෙම රැස්වීමේදී සඳහන් කර තිබේ.

ඖෂධ ආනයනයේදී මෙරට නිෂ්පාදනය කළ හැකි ඖෂධ පිළිබදව සැලකිලිමත්ව ඖෂධ ගෙන්විය යුතු බවත් එමෙන්ම එම ඖෂධ පිළිබදව නිසි අධ්‍යනයකින් ක්‍රියාත්මක වියයුතු බවත් මෙහිදී සාකච්ජාවට ලක්ව ඇත.

 

රටතුළ ඇතැම් ඖෂධ විශාල වශයෙන් නිෂ්පාදනය කරන නමුත් ජනතාව විවිධ සන්නාම යටතේ නිකුත් කෙරෙන ඖෂධ සදහා හුරුවී තිබීම හේතුවෙන් එම වර්ගයේම විවිධ සන්නාමයන්හි ඖෂධ ආනයනය කිරීමට සිදුවන බව මෙම සාකච්ජාවේදී අනාවරණය වී තිබේ.

 

රටතුළ කිසිදු අයුරකින් කිසිදු මොහොතක ඖෂධ හිගයක් ඇති නොවීමට සෑම වර්ෂයකම එළඹෙන වර්ෂයට පෙර ඒ පිළිබදව පුර්ව අධ්‍යනයකින් කටයුතු කිරීම ඉතා වැදගත් යැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙම සාකච්ජාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියේය.

WhatsApp Image 2022 01 11 at 5.47.50 PM 2WhatsApp Image 2022 01 11 at 5.47.49 PM 1


Leader Whats app

 
  
 
 
පෝට්සිටිය අපිට අයිති නෑලූ ! | මොණරවිලගේ ලියමන 
 
 
හදිසි මහ මැතිවරණයක් ! - අගමැති අපේක්ෂක බැසිල් !! Gossip

 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්