තමන් මේ අවස්ථාවේ රට පාලනය කළා නම් එකවර රටවල කිහිපයක් තරහ කර ගැනීමෙන් වළකින බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා එබව සඳහන් කළේ නිව්ස් ෆස්ට්' TEN QUESTIONS වැඩසටහන සමග ඊයේ (12) එක්වෙමිනි.

''මේ වෙලාවෙ ජනාධිපති නම් මොකද කරන්නේ ?'' යයි ප්‍රශ්න විචාරකයා කළ  විමසීමේදී රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසිය.


''මම කිව්වේ මම ජනාධිපති නෙවෙයි ඒත් කරන්න ඕනෙ මොකක්ද කියලා මම කියලා තියෙනවා. මම රටේ ජනාධිපති නම් මම ඒකත් කරනවා.

 2019 වෙනකොට අපි ආර්ථිකය හදලා තිබුණේ. බෝම්බයෙන්වත් එච්චර වැටුණේ නෑ. එතන ඉදන් ඉදිරියට ගෙනියනවා මම හිටියා නම්. Covid නිසා විශේෂයෙන්ම IMF එකෙන් ලබා ගන්න පුළුවන් ආධාර කොහෙන්ද මේ අපිට ඕනේ ඩොලර් සංචිත ගන්නේ?

විදේශ විනිමය ගේන්න එපා අමුද්‍රව්‍ය ගේන්න එපා කියලා මේක වහගෙන යන්න බෑ. ඒක අසාර්ථකයි තව කඩා වැටෙන්න ඉඩ තියනවා. විශේෂයෙන්ම මේ ස්වප් අරගෙන දුවන්නත් බෑ. අපි අයවැයක් දාලා ආපහු යන්න ඉස්සෙල්ලා කියනවා තවත් බිලියන 229 අරගන්නවා කියල. මේකෙ තේරුමක් නෑනේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි දීලා එක දියුණු කරලා මුළු නැගෙනහිර ඉන්දියාවටම තෙල් දෙන්න තිබුණා ඒක කරේ නෑ. විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය දෙන්න තිබුණ දෙන්න එකඟ වුණා. අපිට මුදල් ලැබෙනවා එකෙනුයි එල් ආර් ටී එකෙන් දෙකෙන් එකෙනුයි ඩොලර් බිලියන දෙකක් තියෙනවා.

ඊළඟට LNG  දෙන්න ගිය වැඩසටහන නැති කරා. නැත්තං එතන තියෙනවා LNG  විදුලි බලාගාර. එතනින් තව බිලියනයක්. ඊළඟට මධ්‍යම අධිවේගී මාර්ග එම් සී සී මේ හැම එකේම සල්ලි තිබුණා. චීනයෙනුත් තිබුණා. මම එකක් කියනවා මම නං ඉන්දියාවයි චීනෙයි , ජපානයයි ඇමරිකාවයි යුරෝපයයි එකවර තරහා කරගන්න යන්නේ නෑ.''


"අයවැයක් දාල මාසයක් යන්න කලින් කියනවා තවත් බිලියන 229 ක් අරගන්නවා කියල"එක තේරුමක් නැහැ'දෙසැම්බර් මාසේ එකක් කියන්නේ"මාසයක් යන්න කලින් තව වැඩසටහනක් ගේනවා'. කොහොමද මේක කරන්නේ? කැබිනට් මණ්ඩලයට මේක දවසක් දෙකක් කතා කරන්න තිබුණ". නමුත් මිනිත්තු 15 කින් එය අනුමත කළා". කවුරුත් ඇහුවේ නැහැ කොහෙන්ද මේක එන්නේ?"කොහොමද මේක කරන්නේ?" ඔහු විමසා සිටියේය.

''මම පොත් කියවනවා, Netflix බලනවා, සිංහල චිත්‍රපට බලනවා. මියුසික් අහනවා " යයි ද පැවසු හිටපු අගමැතිවරයා, කොවිඩ් වසංගතයෙන් පසුව තම පසුගිය සති අන්තයේ "ඇන්ටික් කඩේ මරණය" නාට්‍ය නැරඹුව බවත් ඔහු සඳහන් කළේය.


''දැන් දේශපාලනේ කියන්නේ රඟපෑමක්'' 


වත්මන් දේශපාලනය යනු පැහැදිලි ලෙසම රඟපෑමක් බවද හිටපු අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

 

Leader Whats app


 
 
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.  

 

இலங்கையில் அவசர பொதுத் தேர்தல்? பிரதமர் வேட்பாளராக களமிறங்கும் பசில்!

 

  
කලින් ජනමත විචාරණයක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 

 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්