රට, ජාතිය බේරාගැනීම සඳහා බව පවසමින් ඊනියා 'දේශප්‍රේමය' කරපින්නාගෙන පැමිණි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තමන් බලයට පත්කළ 'රට

විරුවන්ට' නිදහස් දින උත්සවය සැමරීමේ අවස්ථාව පවා අසුරා දමා ඇති බව 'ද ලීඩර්' වෙත අනාවරණය වේ.

ලබන පෙබරවාරි 04 වෙනි දින සුපුරුදු පරිදි නිදහස් උත්සවය පැවැත්වීමට කටයුතු යොදන මෙන් විදේශ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ පසුගිය දෙසැම්බර් 16 වෙනි දින ලොව පුරා පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත දැනුම්දීමක් කර තිබිණ.

එහෙත් වියදම් කපා හැරීම පිණිස මෙවර දින උත්සවය සඳහා කිසිදු අමුත්තෙකු කැඳවීමෙන් වලකින මෙන්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ඉන් අනතුරුව තානාපති කාර්යාල වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් නිදහස් උත්සවය සැමරීම පිණිස ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් තානාපති කාර්යාල වෙත පැමිණෙන අතර, විශේෂයෙන්ම මැදපෙරදිග රටවල තානාපති කාර්යාල නිදහස් දිනයේදී සිය ගණන් පුරවැසියන්ගෙන් පිරී ඉතිරී යාම සුලබ දසුනකි.

මේ අතර, තානාපති කාර්යාල වෙත ඉහත කී දැනුම්දීම කළ විදේශ අමාත්‍යවරයා ජනවාරි මාසය තුළ දී පමණක් විදේශ විනිමය වියදම් කරමින් ඩුබායි සහ දකුණු කොරියාවේ සංචාරය කිරීමේ අරමුණ කවරක් දැයි විදෙස්ගතව සිටින ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.


එක රටක්, එක නීතියක් - ගෝඨාගේ මිතුරන්ට විශේෂ නීතියක්  

 

මේ අතර පසුගිය බදාදා (ජනවාරි 12) සියලු තානාපති කාර්යාල වෙත ලිපියක් යොමුකරන විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජන දීමනාව අත්හිටුවන බව දැනුම් දී තිබේ.

 

තානාපති කාර්යාල වෙත ලබාදෙන නියෝජන දීමනාව යොදාගනු ලබන්නේ ඒ, ඒ රටවල බලධාරීන් සමග සබඳතා තරකිරීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ වෙළෙඳාම ප්‍රවර්ධනය, දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා, රාජ්‍යතාන්ත්‍රික හමුවීම්වලදී නිල ත්‍යාග ලබාදීම වැනි ඉතා වැදගත් කරුණු සඳහාය.

එමෙන්ම විගණනයට යටත් එම වියදම්  ප්‍රතිපූර්ණය කරනු ලබන්නේ වියදමට අදාළ බිල්පත් ඉදිරිපත් කිරීමෙන් පසුව වන අතර, ඒ සඳහා මේ දක්වා ගෙවනු ලබන්නේ 2001 වසරේ ගෙවූ මුදලම බවත් රාජ්‍යතාන්ත්‍රිකයෝ පවසති.

උදාහරණයක් ලෙස ලෝකයේ වියදම් අධිකම නගරයක් වන දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි තානාපති කාර්යාලය වෙත මාසිකව ලබාදෙන උපරිම නියෝජන දීමනාව ඇමෙරිකානු ඩොලර් 700කි. ඒ මුදල දෙදෙනකුගේ ආහාර වේලක් සඳහාවත් නොසෑහේ.

'සුවිශේෂී අවස්ථාවල' මේ සීමාවක් ඉක්මවා යා හැකි බව දැනුම් දී තිබෙන නමුත් විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට කිසිදු අවස්ථාවක එවැන්නක් අනුමත කර නැත.

 

එම වරප්‍රසාදය හිමි වී තිබෙන්නේ ජපාන තානාපති සංජීව ගුණසේකර, ඉන්දියාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, එක්සත් අරාබි එමීරයේ තානාපති මල්රාජ් ද සිල්වා, ජරමනියේ තානාපති මනෝරි උනම්බුව, එක්සත් ජනපදයේ මොහාන් පීරිස් සහ මහින්ද සමරසිංහ සහ සිඩ්නි නුවර කොන්සල් ජනරාල් ලක්ෂමන් හුළුගල්ල වැනි විදේශ සේවයෙන් බැහැරව පත්කරන ලද ගෝඨාභය රාජපක්ෂගේ හිතවතුන්ට පමණි.

 

මේ සියලු දෙනාට කිසිදු සීමාවකින් තොරව තමන්ට අවශ්‍ය පරිදි විදේශ විනිමය වැය කිරීමේ බලය හිමිවී ඇතත්, රටේ ප්‍රතිරූපය නැංවීම පිණිස තිරය පිටුපස සිට දැවැන්ත මෙහෙයක් කරන සියලු රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ වියදම් කපා හැර තිබේ.

IMG 20220114 WA0002IMG 20220114 WA0001

 

Leader Whats app


 
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

ඉවරයි බුද්ධ සාසන හා සංස්කෘතික අරමුදල ආර්ලගේ බැංකුවට ! | The Leader TV
 

නාමල් මෛත්‍රීට කෙළින්ම කියයි! බැසිල්ටත් ටොක්කක්!!| Gossip
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්