''එක් හඬක්- සුරක්ෂිත රටක්- ස්වාධීන ජාතික බලවේගය'' යන තේමාවෙන් යුතුව කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සංවිධානය කර තිබු රැස්වීමකට හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී වීම, ඔහු දේශපාලන ක්ෂේත්‍රයට අවතීරණය වීමේ සුදානමක පෙරහුරුවක් ද යන කාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් මතුව ඇත. 

කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනය කර තිබු එම රැස්වීමේ දී ''ජනතාව විසින් රටක නායකයින් ගෙදර යවන හැටි'' යන මාතෘකාව ඔස්සේ පුළුල් සංවාදයක් සිදුව ඇති අතර පක්ෂ, පාට, ජාති බේදයෙන් තොරව සියළු ජාතීන්ගේ ශක්තියෙන් ශ්‍රී ලංකාව ගොඩනැගීමේ යුගයේ අවශ්‍යතාවය ඉටුකරවා ගැනීම සඳහා සක්‍රියව මැදිහත්වීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක්ව තිබේ.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර ජයසේකර සහ ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ ජවීඩ් යුසුෆ් විසින් මෙහිදී රැස්ව සිටි පිරිස දැනුවත් කරන ඇත.

මෙම රැස්වීමට යුධ හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරුන් වන ඒ.එම්.යූ. සෙනවිරත්න හා හර්ෂ වීරතුංග ද සහභාගී වී තිබේ.

''අපේ වටිනාකමටත් අගයක් තියනවා '' -මහේෂ් 

මෙම රැස්වීම සම්බන්ධයෙන් theleader.lkකළ විමසීමකදී ජෙනරාල් මහේෂ් සේනානායක පැවසුයේ, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර ජයසේකර විසින් කරන ලද ආරාධනයක් අනුව එම රැස්වීමට සහභාගී වූ බවයි.

'' ඇත්තටම දේශපාලන කාරණයක් නිසා මෙනෙයි, පෞද්ගලික ආරාධනයක් මතයි මම ඒ රැස්වීමට ගියේ. ප්‍රසිද්ධ දේශපාලනයක් ගැන අදහසක් නැතත්, අපි කරපු වැඩවලට ලොකු වටිනාකමක් තියෙන බව නම් පේනවා. හමුදාවෙන් විශ්‍රාම ගියත් මරෙනතුරුම රට වෙනුවෙන් යමක් කරන්න ඕන'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Image 01

Image 02

Image 03

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්