ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපතිවරයාට එරෙහිව තහංචි පනවන මෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බලපෑමක් එල්ල වී තිබේ.



2009 සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදුකළ යුද අපරාධ පිළිබඳව විධාන වගකීම යටතේ චෝදනා එල්ල වන ශ්‍රී ලාංකීය ජෙනරල්වරුන්ට වාරණ පැනවීම සඳහා ගෝලීය මැග්නිට්ස්කි පනත භාවිතාකරන මෙන් යෝජනා කරමින් එම ඉල්ලීම කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන දෙමළ ප්‍රජාව සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එක්වී සිටී.

 

මේ වසරේ බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය සහභාගී වුවහොත් ඔහු අත් අඩංගුවට ගැනීමට සැලසුම් කරන ලෙසද එමගින් ඉල්ලීමක් කෙරේ.

 

මෙම ඉල්ලීම සිදුකෙරෙන්නේ, සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් දෙවැනි වරටත් ශ්‍රී ලාංකීය ජෙනරාල්වරයකු හා හිටපු හමුදාපතිවරයකු වන ජගත් ජයසූරිය පිළිබඳව පිටු 98ක වාර්තාවක් බ්‍රිතාන්‍ය රජයේ සම්බාධක දෙපාර්තමේන්තුවට යවනු ලැබීමෙන් පසු ය.

මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් මේ වනවිටත් එක්සත් ජනපදය විසින් නම්කරනු ලැබ ඇති වත්මන් හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පිළිබඳ ලිපි ගොනුවක් 2021දී සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් යොමුකරනු ලැබුණි. ජෙනරාල් සිල්වා වනාහී, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සිදුකළ බවට පිළිගත හැකි පදනමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශනයන් මගින් තීරණය කළ 2009 යුද්ධයේදී, සේනාංකාධිපතියකු වශයෙන් ජයසූරිය යටතේ ක්‍රියාකළ අයෙකි.

ජෙනරාල් ජගත් ජයසූරිය 2007 සිට 2009 දක්වා වන්නි ආරක්ෂක හමුදා ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අතර, ඔහු විසින්ම පිළිගෙන ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ දෙමළ සිවිල් වැසියන්ට හා රෝහල්වලට වගවිභාගයකින් තොරව ෂෙල් සහ බෝම්බ ප්‍රහාර එල්ල කළ යුද්ධයේ අවසාන අධියරෙහි සමස්ත මෙහෙයුම් ඔහු විසින් අධීක්ෂණය කර තිබේ.

 

ලෝකයේ ඕනෑම රටක සිදුකරන ලද බරපතල  මානව හිමිකම් උල්ලංඝනවලට වගකිව යුතු අය සම්බන්ධයෙන් තම රටේදී පියවර ගැනීමේ හැකියාව ගෝලීය මැග්නිට්ස්කි පනත අනුගමනය කරන රටකට තිබේ.

 

''මෙම ශ්‍රී ලාංකීය ජෙනරාල්වරුන්ගේ ගොදුරු බවට පත්ව මේ වනවිට එක්සත් රාජධානියේ ජීවත්වන සිය ගණනක් දෙමළ වින්දිතයන් ආරක්ෂා කිරීමේ වගකීමක් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට තිබේ; දෙමළ ප්‍රජාවේ ඡන්දය ඉල්ලා සිටින බ්‍රිතාන්‍ය දේශපාලකයන් මැග්නිට්ස්කි සම්බාධක ශ්‍රී ලංකාවට පනවන මෙන් ඔවුන් විසින් කරනු ලබන ඉල්ලීමට සවන්දිය යුතු යැ'යි සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP)  විධායක  අධ්‍යක්ෂිකා යස්මින් සූකා ප්‍රකාශ කළාය.

''වගඋත්තරදායකත්වයට ආධාරක වන සාක්ෂි ගොනු කිරීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමට පාදක වූ ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් වන ජිනීවා ක්‍රියාදාමයට බ්‍රිතාන්‍යය මූලිකත්වය ගත්තේය. නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉල්ලා සිටි පරිදි, සම්බාධක සහ සර්වභෞමික අධිකරණ ක්‍රියාමාර්ග දක්වා වගඋත්තරදායකත්වය පුළුල් කිරීමට එක්සත් රාජධානිය ක්‍රියාකළ යුතු ය. වගඋත්තරදායක වීමේ ක්‍රියාදාමයට මූලිකත්වය ගෙන, පසුව ඒ සම්බන්ධයෙන් මනා උදාහරණයක් සැපයීමට අසමත්වීම එක්සත් රාජධානියට අවමානයක් වනු ඇත."


බොක්සිං ගහන්න ආවොත්


2022 එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තරඟ වැදීමට අවධානය යොමුකර සිටින ශ්‍රී ලංකාවේ ජාතික බොක්සින් තේරීම් කමිටුවේ වත්මන් සභාපතිවරයා වන්නේ ජයසූරිය බව මාධ්‍ය වාර්තා කියා සිටියි.

''එක්සත් රාජධානියට කළ හැකි අවම දේ වන්නේ, මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සඳහා තම කණ්ඩායම සමග ජයසූරිය සහභාගී වුවහොත්, සර්වභෞමික අධිකරණ බලය යටතේ ඔහු අත් අඩංගුවට ගැනීමේ අපේක්ෂාව ඇතුව විමර්ශනයක් ආරම්භ කිරීමයැ,''යි කම්කරු පක්ෂය සඳහා දෙමළ එකමුතුවේ සෙන් කන්දයියා ප්‍රකාශ කළේය.

 

ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මැග්නිට්ස්කි වාරණයන් තවමත් පනවා නැත්තේ ඇයිදැයි විමසමින් විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ කාර්යාලය (FCDO) වෙත ලිපි යොමු කර ඇති දෙමළ ජනයා වසරක් තිස්සේ පාර්ලිමේන්තු නියෝජිතයන් රාශියක් මුණගැසී ඇත්තාහ.

 

''මේ කරුණ සම්බන්ධයෙන් වසන් කිරීම් නවතා, මෙකී චූදිත යුද අපරාධකරුවන්ට එරෙහිව සැබෑ වශයෙන්ම වාරණ පැනවීමට ආණ්ඩුවට දැන් කාලය එළඹ ඇතැ''යි කොන්සර්වේටිව් පක්ෂය සඳහා වන දෙමළ එකමුතුවේ ගජේන් රාජ් කියා සිටියේය. ''මෙය වනාහී වින්දිතයන්ට ලැබිය යුතු වගඋත්තරදායකත්වය නොවුණද, තමන්ට හිමිව ඇති දණ්ඩ මුක්තිය අහංකාරයෙන් විදහා පෙන්වන මෙම පුද්ගලයන් හමුවේ අපේ ප්‍රජාව විඳි පීඩාව පිළිගැනීමේ පළමු පියවරක් වන්නේ වාරණයන් ය''.

''ලතින් ඇමරිකාවේදී යුක්තිය පසිඳලීමෙන් පලාගිය බියසුල්ලකු වන ජගත් ජයසූරියට එරෙහිව වාරණයක් පැනවීම පහසු පළමු පියවරකැ'' යි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සභිකයකු වන ටී. දයාලන් ප්‍රකාශ කළේය. "විශ්‍රාමිකයකු සහ කිසිදු නිල ධූරයක් නොදරණ ඔහු සම්බන්ධයෙන් එක්සත් රාජධානිය දැරිය යුතු දේශපාලන පිරිවැය අවම එකක් වන නමුත් එය අපේ ප්‍රජාවේ චිත්ත ධෛර්ය වඩන්නක් සහ සහයෝගිතා ක්‍රියාමාර්ගයක් වනු ඇත".


තෛපොන්ගල් පණිවිඩයක්:


image 1

ගෝලීය මැග්නිට්ස්කි පනත යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයකට සහාය පළකිරීමට දෙමළ ජනයා සඳහා වන සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමද ඉදිරිපත් වී තිබේ.

 ''ඇතැම් රටවල් විසින් දැනටමත් නම් කරනු ලැබ ඇති පුද්ගලයන්ද ඇතුළත් හමුදා නිලධාරීන්ට වාරණ පනවන මෙන් ඉල්ලා  FCDO වෙත ලිපි යොමුකරන මෙන් අපි අපගේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිමු. මෙරටෙහි ජීවත්වන සුවිශාල සහ බලපෑම් සහගත දෙමළ ප්‍රජාවේ විශ්වාසය සහ පක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අපට අවශ්‍ය වන්නේ නම් අපි ක්‍රියා කළ යුතුව ඇතැ'යි කණ්ඩායමේ සභාපති එලියට් කොල්බර්න් ප්‍රකාශ කළේය.

 "වාර්ෂික තෛපොන්ගල් හෙවත් අස්වනු නෙලීමේ උළෙල වෙනුවෙන් ලබන සතියේදී දෙමළ ජනයා වෙත නිකුත්කරන පණිවිඩවලදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාරණයන් පැනවීමට කාලය එළඹ ඇතැයි යළිත් අවධාරණය කරන්නැයි වෙස්ට්මිනිස්ටර්හි මගේ සගයන්ගෙන් මම ඉල්ලා සිටිමි."

"ශ්‍රී ලංකාවේ වගඋත්තරදායකවීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සපයා ඇති නායකත්වය සළකා බැලීමේදී, ඉදිරිපත් කරනු ලැබ ඇති මෙකී වාර්තා ප්‍රවේශමින් කියවා බැලීමට ආණ්ඩුවට කාලය එළඹ තිබේ. එක්සත් ජනපදය විසින් ශවේන්ද්‍ර සිල්වා නම් කිරීමටත්, ජගත් ජයසූරියට එරෙහි පැමිණිල්ල පිළිබඳ විමසා බැලීමට චිලිය විසින් අභිචෝදකයකු පත් කිරීමටත් බැලූ බැල්මට ප්‍රමාණවත් තොරතුරු තිබිණැ'යි රීඩ්‍රස් සංවිධානයේ ජාත්‍යන්තර නීති උපදේශක චාලි ලෝඩ්න් කියා සිටියේය.

රීඩ්‍රෙස් සංවිධානය මැග්නිට්ස්කි සම්බාධක පිළිබඳ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම සඳහා වන ලේකම් කාර්යාංශය පවත්වාගෙන යනු ලබන්නේ රීඩ්‍රෙස් සංවිධානය විසිනි.

 

"මෙම ජෙනරාල්වරු දෙදෙනා ආරම්භක පියවරක් පමණක් විය යුතු ය. 2009 දී යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල වූ, වත්මන් ආණ්ඩුවේ වැදගත් තනතුරු හොබවන වෙනත් කිහිප දෙනකු සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි" සාමය සහ යුක්තිය සඳහා වන ශ්‍රී ලංකා ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා මෙලිස්සා ඩ්‍රින්ග් කියා සිටියාය.

 

ලතින් ඇමරිකානු රාජ්‍යයන්ගේ තානාපතිවරයකු වශයෙන් පත්කර යවා සිටි ජගත් ජයසූරියට එරෙහිව සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය හා එම රටවල හවුල්කාර සංවිධාන විසින් 2017දී සර්වභෞමික අධිකරණ බලය යටතේ නඩුකර කිහිපයක් ගොනුකරනු ලැබිණ. එම නඩුකර වලට පෙනීසිට
තමන්ගේ ක්‍රියාකලාපය ආරක්ෂා කිරීම සඳහා බ්‍රසීලයේ රැඳී සිටිනු වෙනුවට ජෙනරාල් ජයසූරිය කළේ තමන් සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකරන ශ්‍රී ලංකාවට පෙරළා යාමයි.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු යුද අපරාධ චෝදනා එල්ලවන හිටපු ත්‍රිවිධ හමුදා  සෙන්පතියන් සමූහයක් හා එක්ව හමුදා නිලධාරීන්ට දණ්ඩ මුක්තිය සැලසීම නීතිගත කිරීම සඳහා යෝජනා කෙටුම්පතක් 2019 දී  සම්පාදනය කළේය.

 ජෙනරාල් ජගත් ජයසූරිය යුද්ධයේ අවසාන සමයේ කලක් රාජකාරි කළ "ජෝසෆ් කඳවුර" වශයෙන් පොදුවේ හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ වඩාත්ම කුප්‍රකට වධකාගාරයක් සේ ගැනෙන වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කරන ලද මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ චෝදනා රැගත් ITJP තොරතුරු ගොනුව පහතින්.

ජෝසෆ් කඳවුර


 

Leader Whats app


 
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

ඉවරයි බුද්ධ සාසන හා සංස්කෘතික අරමුදල ආර්ලගේ බැංකුවට ! | The Leader TV
 

නාමල් මෛත්‍රීට කෙළින්ම කියයි! බැසිල්ටත් ටොක්කක්!!| Gossip
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්