ත්‍රස්තවාදය වැලැක්වීමේ අපකීර්තිමත් පනත යටතේ අත්අඩංගුවට ගෙන දෙමළ දේශපාලන සිරකරුවන් පස් දෙනකු වසර දෙකකට පසු නිදහස් කර තිබේ.



 දෙමළ විමුක්ති කොටි සංවිධානය යළි පණ ගැන්වීමට කටයුතු කරන බවට පවසමින් මෙම සැකකරුවන් පස් දෙනා ත්‍රස්ත විමර්ශන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුනේ 2019 අගෝස්තු මාසයේදීය.

 ඒ `ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැකපිට’ යයි අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින්ය.

 රෝහලේ රාජකාරි සඳහා එමින් සිටියදී 2019 අගෝස්තු 18 වැනිදා අලිමංකඩ හමුදා මුරපොලේ දී අත්අඩංගුවට ගන්නා ලද වෛද්‍ය සිවරූබන් පසුව යාපනේ ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දී තිබේ.

 

එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා තිබුනේ කොටි සංවිධානය යළි ගොඩ නැගීමේ රහසිගත මෙහෙයුම් වල යෙදුන බවට ලැබුන ඔත්තුවක් අනුව ඔහු අත් අඩංගුවට ගත් බවකි.

 

ප්‍රශ්න කිරීම් වල දී ඔහුගෙන් ලද “තොරතුරු” වලට අනුව සින්නමනී තනේශ්වරන්, ඉරන්තිරම් ක්‍රිෂ්ණරාසා, මෝහනසුන්දරම් සින්නතුරේ, විනායගමුර්ති නෙජලන්, ටී. නිමලරාජ් සහ රූබන් ජතුසන් යනුවෙන් තවත් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පලෙයි කරන්ඩිය ප්‍රදේශයේ වල දමා තිබු ගිනි අවි තොගයක් හා යාපනයේ අල්ලියාවලෙයි මුහුදු ප්‍රදේශයේ ගල්පර අතර සඟවා තිබී තවත් පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් අගෝස්තු 27 දා නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද බව ද පොලිස් ප්‍රකාශක සඳහන් කර තිබිණි.

 එහෙත් බදාදා [12] නිදහස් කෙරුණු වෛද්‍ය රූබන් සමඟ සබඳතා පැවැත්වීය කියන දේශපාලන සිරකරුවන් පස් දෙනාට එරෙහිව නඩු පවරා නොතිබුණු අතර ඔවුන්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව ගණනාවක් විසින් මානව හිමිකම් කොමිසම වෙත දන්වා තිබුනේ ඔවුන් සියලු දෙනා නිදහස මෙන්ම ආරක්ෂාවද තහවුරු කර දෙන ලෙසයි.  

ඒ අනුව පස් දෙනා බාර ගත් මානව හිමිකම් කොමිසම ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන ගොස්  පවුල්වල සාමාජිකයන්ට බාර දී තිබේ.


ජනමාධ්‍ය චෝදනා

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් හා එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපතිවරන අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව වෛද්‍ය සින්නයියා සිවරූබන් විසින් පාපොච්චාරනය කරන ලදැයි මාධ්‍යවලින් ප්‍රචාරය කෙරිණි.

 

සිලෝන් ටුඩේ වාර්තා කළේ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට දෙමල ඩයස්පෝරාව සැලසුම් කර ඇති නිසා ඔහුගේ ආරක්ෂාව වැඩිකරන ලෙස සිවරූබන් ඉල්ලු බව බවයි.

එහෙත්  එවැනි පාපොච්චාරන සිවරූබන් හෝ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් ප්‍රකාශ කර නැති බවත් මෙම මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ඒවා ප්‍රතික්ෂේප කරමින් එවකට සිටී පොලිස් මාධ්‍ය ප්‍රකාශක 2019 අගෝස්තු 29 වැනිදා සඳහන් කර තිබිණි.


යුද අපරාධ


සිරගතකිරීමේ හේතුව ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පෙන්වා දුන්නේ යුද්ධයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් දොස්තර සිවරූබන් සාක්ෂිකරුවෙක් වීමයි.

''යුද්ධය අවසන් වූ සමයේ දී යාපනය දිස්ත්‍රිකයේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් ඝාතනය කෙරුනා. එහෙත් හමුදා සහ පොලිස් බුද්ධි අංශ වාර්තා කළේ ඔවුන් සියදිවි නසා ගැනීමෙන් හා අනතුරුවලින් මරනයට පත්වූ බවයි. එහෙත් වෙඩි තැබීම් සහ පහරදීම් සහ නවීන ක්‍රම වලින් එම මරණ සිදු වූ බවට සිවරූබන් එලිදරව් කර තිබුනා. ඔහු ජාත්‍යන්තරයටත් ඒ ගැන දැනුම් දුන්නා. මානව හිමිකම් කොමිසමට ඔහු දෙවරක් සාක්ෂි දුන්නා.

2006 දී, යාපනයේ දූපත් ප්‍රදේශයක් වන ආලියාවලෙයි නිවසක සිටි මිනිසුන්ට හමුදාව විසින් වෙඩි තැබීමක දී ඉන් සමහර අය මරනයට පත් වුනා. සෙසු අය ට බරපතල තුවාල සිදු වුනා. එම අවස්ථාවේ ඔවුන් ව බේරා ගෙන යාමට සිවරුබන් විනිශ්චයකාර ශ්‍රී සන්ධි නන්දසේකරන් සමඟ එක්ව පියවර ගත්තා.''

 

දෙමළ මන්ත්‍රීවරයා 2019 අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී කළ හෙළිදරව්වෙන් පසුදින අලුයම පොලිස් සහ හමුදා භටයන් සිය ගණනක් කිලිනොච්චියේ පිහිටි ඔහුගේ නිවස වටලා සෝදිසි මෙහයුමක් දියත් කළේය.

 

සිවරූබන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධවූ පලෙයි ප්‍රදේශයේ ජනයා ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා අගෝස්තු 20 රෝහල් පරිශ්‍රය තුල විරෝධතාවක් පැවැත්වූ අතර ඉක්බිතිව 22 දා පලෙයි සිට කිලිනොච්චිය දක්වා විරෝධතා පෙලපාලියකින් ගොස් සිවරූබන් නිදහස් කරන ලෙස ඉල්ලා එවකට යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත සන්දේශයක් ද ඉදිරිපත්  කළහ.

 ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනු ලැබුවේ වෛද්‍ය රූබන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊලම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) කුමන්ත්‍රනයක් බවය.

 මේ අතර අත්අඩංගුවේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරුබන් ද හැකි ඉක්මනින් නිදහස් වනු ඇතැයි  ගෙවල් බලා ගිය දේශපාලන සිරකරුවෝ පස් දෙනා විශ්වාසය පළ කර තිබේ.

 
 

Leader Whats app


 
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

ඉවරයි බුද්ධ සාසන හා සංස්කෘතික අරමුදල ආර්ලගේ බැංකුවට ! | The Leader TV
 

නාමල් මෛත්‍රීට කෙළින්ම කියයි! බැසිල්ටත් ටොක්කක්!!| Gossip
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්