ප්‍රවීන මාධ්‍යවේදියකු හා අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම මාධ්‍ය ලේකම්වරයකු ලෙස කටයුතු කළ දයා විජේසේකර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත. 


දවස පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ දයා විජේසේකර පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරට පත් වු අතර එච්.එම්.අශ්රොෆ් හා මංගල සමරවීර අමාත්‍ය ධුර දරු වකවානුවේ දී ඔවුන්ගේ මාධ්‍ය ලේකම් ලෙසද සේවය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ මාලනී විජේසේකර ගේ දයාබර සැමියා වන දයා විජේසේකර දෙදරු පියෙකි. රුපවාහිනී නිවේදිකා සඳමාලි හේවානායක ඔහුගේ වැඩිමල් දියණිව වන අතර HSBC බැංකුවේ සේවය කරන මිහිරි විජේසේකර බාල දියණියයි.

දයා විජේසේකර මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඉරිදා (16) සවස කොළඹ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත අතර මහජන ගෞරවය සඳහා දේහය එදින උදැසන සිට ජයරත්න රෙස්පෙක්ට් හි තැම්පත් කර තිබෙන බව පවුලේ ආරංචිමාර්ග පවසයි. 

 

 

 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්