එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අර්බුදයට පිළියමක් සෙවීම සඳහා අද (10) රාත්‍රී පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් නිගමනයකට එළඹෙනු ඇතැයි විවිධ පාර්ශව වෙතින් අදහස් පළවෙමින් තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර එම විශේෂ සාකච්ඡාව අද රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු බීබීසි සිංහල සේවයට පැවසීය.

රාත්‍රී 9.30ට පැවැත්වීමට නියමිත එම සාකච්ජාව සඳහා අතරමැදියන් ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයාට හා රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩිට ද ආරාධනා කර ඇතයි වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඉරිදා පැවැත්වීමට නියමිත වුවත් එය ඒ අයුරින් සිදු වූයේ නැත.

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් හමුවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාසඑක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් හමුවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස

අද මෙම සාකච්ඡාව පැවැත්වෙනුයේ, ජනාධිපතිවරණය කැඳවීමේ ව්‍යවස්ථාපිත බලය අද (10) දින සිට මැතිවරණ කොමිසමට හිමිවන අතර අද සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණය කැඳවිමට කොමිසමට හැකියාව ලැබෙන පසුබිමකය.

"අද මෙම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරයි කියලා අපි හිතනවා. පක්ෂයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම එයයි." බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහය දක්වන අමාත්‍ය හරින් ප්‍රනාන්දු  කියා සිටියේය.

sep 10 Text 1ඔහු අවධාරණය කළේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිධුර අපේක්ෂකත්වය හිමි නොවන කිසිදු වෙනත් යෝජනාවකට තම පාර්ශවය "එකඟ නොවන බව" බවය. 

මේ අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට විරෝධය දක්වන පාර්ශවය පෙන්වාදෙන්නේ ඔහුට පක්ෂයේ බිම් මට්ටමේ යම් සහයක් වුවද ඔහුට ජනාධිපතිධුරය ජයගැනීමට අවශ්‍ය සියලු පාර්ශවයන්ගේ සහය ලබාගැනීමට නොහැකි බවය.

මෙම තත්ත්වය තුළ පසුගිය දින කිහිපයේ එක්සත් ජාතික පක්ෂයට සහය දෙන පක්ෂ සමග සාකච්ඡා වට කිහිපයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවත්වා තිබෙන බව බීබීසි සිංහල සේවයට වාර්තාවේ.

එවන් එක් සාකච්ඡාවක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ඊයේ (09) දින යාපනයේදී පැවැත්විණි. එම සාකච්ඡාව සාර්ථක එකක් වූ බව සජිත් ප්‍රේමදාස පාර්ශවය පවසයි.

 

TNA Sajith Jaffna 1මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස විරෝධී කණ්ඩායමේ අදහස වී තිබෙන්නේ ජනාධිපතිවරණයට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ කථානායක කරු ජයසුරිය එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් විය යුතු බවය.

විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීමේ අපේක්ෂක ලෙස කරු ජයසුරිය කතානායකවරයා ජනාධිපතිධුරයට ඉදිරිපත් කළහොත් ඊට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනිකුත් සුලු පක්ෂවල සහය ලබාගත හැකි බව එම පාර්ශවය ලබාදී තිබෙන තවත් යෝජනාවකි.

මේ සියල්ල, අද අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවැත්වෙන සාකච්ඡාවේදී කතාබහට ලක් කරනු ඇති බව ද වාර්තා වේ.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්