ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පදිංචියට යටත්ව ඕමාන් රටට සංචාරක වීසා මගින්

පැමිණ සිටින සේවක සේවිකාවන්ගේ වීසා මාරු කිරීම සඳහා ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වීසා මාරු කිරීම සඳහා ලබා දෙන බලපත්‍රය ලබා නොදීම හේතුවෙන් ඕමාන් රටේ සිටින සේවක සේවිකාවන් බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින බව වාර්තාවේ.


ඕමාන් රටේ සිටින අරාබි ජාතිකයන්ට සහ ඉන්දියානු ජාතිකයන්ට විශාල මුදලක් ගෙවා වීසා මාරු කිරීමට දැනට සිදුකෙරෙන අතර මේ හේතුවෙන් අහිමිව යන්නේ ශ්‍රී ලංකාවට ලැබිය යුතු විදේශ විනිමය බව ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න වෙත ලිඛිත දැනුම් දිමක් ද සිදුකර තිබේ.



විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංචාරක වීසා ලියාපදිංචිය සිදු කරන නිසා තානාපති කාර්යාලය මගින් වීසා මාරු කිරීමට අදාල බලපත්‍රය ලබා දෙන්නේ නම් මෙම ගැටළුකාරී තත්වය මතු වන්නේ නැතැයි ද එම ලිපිය මගින් ඇමතිවරයාට පෙන්වා දී ඇත.  


ශ්‍රමිකයින්ගේ වීසා මාරු කිරීමට අදාළ තානාපති කාර්යාලය මගින් ලබා දෙන බලපත්‍රය ලබා දෙන ලෙස ඔවුන් රාජ්‍ය ඇමතිවරයා ගෙන් ඉල්ලා සිටියි.


''ඕමාන් රජයෙන් ගෘහ සේවිකාවන් ලෙස ලියාපදිංචි වෙලා, NOC එකට රියල් 200ක් ඒ කියන්නෙ ඩොලර් 500ක් එක ගෘහ සේවිකාව ගෙන් අය කරලා NOC එක නිකුත් කරන්නත් පුළුවන්. ඩොලර් 500ක් ගෘහ සේවිකාවන් ලියාපදිංචි කරන්න NOC එකක් ලබාගැනීම සදහා සංචාරක වීසා වලට පැමිණ හාම් පුතුන් විසින් ඩොලර් 500ක් ගෙවන්නත් සූදානම්.  ඒත් තානාපති කාර්යාලයෙන් එක ප්‍රතික්ෂේප කරනවා ඒක. ඩොලර් සංචිත නැතුව බරපතල ආර්ථික අර්බුදයකට මුනදිලා ඉන්න ශ්‍රී ලංකා රජයට මේවගේ වෙලාවක ඒ වගේ මුදලක් අහිමිවීම අපරාධයක්. අපි මේගැන ශ්‍රී ලංකා රජයට දැනුම් දීලයි තියන්නේ..'' අයි මේ සම්බන්ධයෙන් අපවෙත තොරතුරු ලබාදුන් ඕමානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් පැවසුහ.

ඕමානය තුළ සේවය කරන සංක්‍රමික ශ්‍රමිකයින්ගේ වැඩිම ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ කාන්තා ගෘහ සේවිකාවන් බවත් ඔවුන්ගේ සංඛ්‍යාව 154,000 පමණ බවත් වාර්තාවේ. මෙම සංක්‍රමික ගෘහ සේවිකාවන් වැඩි වශයෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දුනිසියාව, පිලිපීනය, ඉතියෝපියාව සහ ටැන්සානියාව යන රටවලිනි.
 
 
 

Leader Whats app


 
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 


225ටම ඇමතිකම්! | වියත්කතා
 



මේ පාර දෙන්නෙ හූ නොවෙයි චූ ! | මොණරවිලගේ ලියමන
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්