මාරාන්තික උපවාසයක් කර රෝහල්ගතවූ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ සෞඛ්‍ය තත්ත්වය මේවනවිට සුව අතර හැරී ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඔහුව හම්බන්තොට රෝහල වෙත ඊයේ (14) ඇතුළත් කෙරින.
ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස පසුගිය 11 වනදා මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබිණ.
මෙලෙස උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු රෝහල් ගත කෙරින.
ලුණු සමාගමේ සභාපති සමග ගැටුම !
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ හම්බන්තොට 'ලංකා ලුණු සමාගමේ' සභාපති නීතීඥ නිශාන්ත සදබරණ (Nishantha Sandabarana)
අතර මේවනවිට බරපතල ගැටුමක් හටගෙන ඇත. එය පැහැදිලි ලෙසම ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් මතුවූ මතභේදයක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එම ගැටුමේ තීරණාත්මක කඩඉමක් වූ පහුගිය නොවැම්බර් 26 වැනිදා ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් 'ලංකා ලුණු' සමාගමේ සභාපතිවරයා මෙසේ පවසයි.
''සුනාමි ප්‍රෝග්‍රෑම් එකේදි මට එරාජ් කවුරුත් ඉස්සරහ හොඳටම තර්ජනය කලා. මාව එලවනව කියල. කේති මුණසිංහ, නිලමේ ඇතුලු කණ්ඩායමත් එක්ක උද්ඝෝෂණයකුත් කරන්න ලෑස්තිලු. මම නම් එකෙකුටවත් බයම නෑ. ඒත් කිසි දෙයක් අහන්නෙ නැතුව චමල් ඇමතිතුමා මට බැන ගෙන ආවොත් විතරයි ප්‍රශ්ණෙ. මම වැරදිනම් මිනිස්සු මට විරුද්ධ වේවි කියල මං ආව.
මම කොළඹ ඉඩම් අල්ලන්න රාජපක්ෂල විකුණුවෙ නෑ. ඇල්පිටියට ඒජන්සිය දෙන්න කියල මූ වගේම අමරවීරත් තර්ජනය කරනව. මම ඕන කෙනෙකුට ලුණු බල්ක් එක ගන්න පුළුවන් විදියට ඕපන් කලා. කෙළින්ම සල්ලි ලේවායට විතරයි. මුන්ට කොමිස් නැති නිසා මුං මම මගේ මල්ලිල හරහා කොමිස් ගන්නව කියල බලුම කතාවක් කියනව. ඔප්පු කලොත් මගේ තියෙන දේවලුත් ලියල දෙනව. ලාබ ගත්ත නිසා මිනිස්සු මා එක්ක ඉන්නව. ඒකට මූ කළබල වෙලා.
හම්බන්තොට 'ලංකා ලුණු සමාගමේ' සභාපතිවරයා දෙසැම්බර් 29 දා ඔහුගේ ෆේස්බුක් පිටුවේ පහත දැක්වෙන සටහන පළකර ඇත.
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
225ටම ඇමතිකම්! | වියත්කතා
මේ පාර දෙන්නෙ හූ නොවෙයි චූ ! | මොණරවිලගේ ලියමන
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil