එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා
එම පක්ෂයේ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද රාත්‍රී 9.30ට ආරම්භවූ සාකච්ජාව සාර්ථකව නිමාවී ඇති අතර ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසගේ නම ප්‍රකාශයට පත් කිරීම මෙම සති අන්තයේ දී සිදුකිරීමට නියමිතය.
ජනාධිපති අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩායමේ අනුමැතියට යටත්ව තෝරා ගැනීමට සජිත් ප්‍රේමදාස කළ ඉල්ලීමට අගමැතිවරයා එකඟත්වය පළකර තිබේ.
තවද දෙමල ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් පක්ෂ සමග එකඟත්වයක් ඇති කරගැනීමට කමිටුවක් පත කර තිබේ. මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර, රන්ජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න හා අගමැතිවරයාගේ නියෝජිතයකු ගෙන් එම කමිටුව සමන්විතවේ.
එම පක්ෂවල අනුමැතිය ලැබුන වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා අපේක්ෂකයා නම්කර ගැනීමටත් මෙම සති අන්තයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව ප්‍රකාශයට පත් කිරීමටත් නියමිතය.
අද පැවති සාකච්ජාවේ ප්‍රතිපලය සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා නිකුත්කළ ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් වේ.