ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය හා එමගින් නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට හා

මහජනයාගේ ජීවන තත්ත්වයට සිදුවන බලපෑම් කෙරෙහි සිය බලවත් අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

රජය ප්‍රමාදයකින් තොරව ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුව තිබෙන බව උද්ගත වෙමින් තිබෙන විවිධ ගැටලු මගින් පෙන්නුම් කරන බව එම සංගමය පෙන්වා දෙයි.

සීඝ්‍රයෙන් වර්ධනය වන උද්ධමනය, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගය, විදේශ විනිමය හිගය, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටීම, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම, විදුලිය කපා හැරීම වැනි කරුණු මගින් එය පැහැදිලිවන බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ “ආර්ථිකය පිළිබඳ ප්‍රකාශයේ” දැක්වේ.



ආර්ථිකයේ සිදුවන පරිහානිය හේතුවෙන් නීතියේ ආධිපත්‍යයට හා රාජ්‍ය පාලනයට දුරදිග යන්නා වූ අයහපත් ප්‍රතිඵල ඇති විය හැකි බවද එම ප්‍රකාශයේ සදඟන් වේ. භයානකම තත්ත්වයකදී ආර්ථික පරිහානිය හේතුවෙන් නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටිය හැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවා සිටියි.



මෙම තත්ත්වයන් තුළදී දැනුවත්, ස්වාධීන හා අපක්ෂපාතී දේශීය හා විදේශීය විශේෂඥවරුන් සහ පවතින අර්බුදයට විසදුම් ලබා දීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් හා විශේෂඥ තාක්ෂණික දැනුම ලබා දිය හැකි පිළිගත් බහු පාර්ශවීය ආයතන වෙතින් සහය ලබා ගන්නා ලෙසද ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

 BASL Statement on the Economy 14.01

 BASL Statement on the Economy 14.02

 BASL Statement on the Economy 14.033
 
 

Leader Whats app


 
 
 
මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන
 
 
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 


225ටම ඇමතිකම්! | වියත්කතා
 



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්