ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර ද මේ වන විට බෙදීමක් ඇති වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුපෙළ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු කණ්ඩායමේ එකඟතාවකින් තොරව වෙනම මාධ්‍ය හමු පැවැත්වීම මෙම බෙදීමට හේතුවී ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.
කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ගිය සතියෙත්, ඊට කලින් සතියේත්, මාදිවෙල මන්ත්‍රී නිළ නිවසක වෙනම මාධ්‍ය හමු පවත්වා ඇති අතර, එය ආණ්ඩුවේම ඉහළ අයකුගේ අවශ්‍යතාව මත පවත්වා ඇති බව ද 'ලංකාදීප' වාර්තා කරයි.
මේ අතර, සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බුද්ධි අංශ වාර්තාව මත සිදුකරන ලද්දක් බවට පසුපෙළ මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළකර ඇතැයිඑම පුවත් වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමක දී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ පොහොට්ටු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් මේවනවිට බැසිල්වාදී හා නාමල්වාදී ලෙස වෙන වෙනම කටයුතු කරමින් සිටින බවයි. එම දෙපිරිස වෙනවෙනම රැස්වීම පවත්වනවා පමණක් නොව සාද පවත්වන්නේ ද වෙන වෙනම බව එම ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන
225ටම ඇමතිකම්! | වියත්කතා
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil