රක්ෂණ සංස්ථා පාලක මණ්ඩලය විසින් තෙෂාර ජයසිංහ ලිට්රෝ ගෑස් සමාගමෙන් ඉවත් කර

රේනුක පෙරේරා එම තනතුරට පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවත්, එම තීන්දුවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ කිසිඳු ආකාරයක සම්බන්ධයක් නොමැති බවත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

ආණ්ඩුවේ බැසිල් කඳවුරේ සමාජ මාධ්‍ය ප්‍රකාශකයා වන ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

එම සටහනේ මෙසේද සඳහන් වේ.

''ලංකාව අසමත් කළ ලිත්‍රො සමාගමේ සභාපතිවරයා ඉවත්කර රේනුක පෙරේරා පත් කිරීම හා නැවතත් අදාළ සභාපතිවරයා ම පත්කිරීම පිළිබඳ සමාජයේ විවිධ අදහස් හුවමාරු වෙනවා.

ඇතැමුන් මෙය රාජපක්ෂවරුන් අතර ගැටුමක් ලෙස හුවා දක්වා තිබුණා. තවත් අය පොදුජන පෙරමුණ හා ගෝඨාභය අතර ප්‍රශ්නයක් ලෙසත් දක්වා තිබුණා. බොහෝ තැන්වල ප්‍රකාශ වූ මතය නම් රේනුක පෙරේරා පත් කළේ බැසිල් රාජපක්ෂ මහතා බවයි. නිවැරැදි විය යුතු කරුණ වන්නේ එයයි.

fgft

''රේනුක පෙරේරා බැසිල් රාජපක්ෂ මහතාගේ තේරීමක් නොව
ජනාධිපතිතුමාගේ ම එකක් බව අවධාරණය කළ යුතුයි.
එම තේරුම මතයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින්
ලිත්‍රෝ සමාගම හිමි රක්ෂණ සංස්ථාවට රේනුක පෙරේරා
සභාපති ලෙස නම් කර ලිපියක් යවන්නේ.
ඒ අනුව, රක්ෂණ සංස්ථා පාලක මණ්ඩලය විසින්
තෙෂාර ජයසිංහ ඉවත් කර රේනුක පෙරේරා පත් කරනවා.
මා දන්නා ලෙස තාමත් එම තීරණය ඒ අයුරින්මයි තියෙන්නෙ.


සභාපතිවරයා වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ගෑස් අර්බුදය නිසා රටේ බොහෝ පිරිස් මාස ගණනාවක් තිස්සේ අපහසුතාවට පත් වීම මතයි. එය නිවැරැදි තීරණයක්.

කෙසේ වෙතත්, එම තීරණය අතරමග නතර කිරීමට ජනාධිපතිවරයා ම අදහස් කරනවා.

ඒ කෙසේ වෙතත්, තෙෂාර ඉවත් කිරීමේ අදහස ද මෙන්ම ඔහු නැවත පත් කරන බවට වන අදහස ද ජනාධිපතිවරයාගේ බැවින් එය පොදුජන පෙරමුණ හා ආණ්ඩුව අතර හෝ ⁣ගෝඨාභය හා බැසිල් අතර ගැටුමක් ලෙස කිසිසේත්ම හුවා දැක්වීම කරුණු නොදැනීම මත කරන දෙයක්.''

ghfty


රේණුක මාධ්‍ය හමුව අවලංගු කරයි !

මහින්ද පතිරණ එසේ පැවසුවද, තෙසර ජයසිංහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් වහාම ඉවත්කර 'පොහොට්ටු' පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා එම තනතුරට පත්කරන ලෙස නිකුත්කර ඇති ලිපිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙත දැනුම් දී තිබුනේ ජනවාරි 13දා දහවල්ය.

ජනාධිපතිවරයා එදින (13) පෙරවරුවේ කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්වූ අතර එහිදී සභාපතිවරයාගේ කාර්යාලයේ පැවති සුහද සාකච්ජාවකින් පසු අදාල නියෝගය ලබාදී තිබිණ.

ජනාධිපතිගේ එම තීන්දුවෙන් පසු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්කර සිටි 'පොහොට්ටු' පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා තමන්ට සිදුවූ අපහාසය පිළිබඳවත් මෙහි සැබෑ තත්ත්වය පිළිබඳවත් එදිනම පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා ජනතාව වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තුව සිටියද පසුව ඔහු එය අවලංගු කිරීමට කටයුතු කර තිබිණ.

 
 
''මේ විදියට හෑල්ලු කරනකොට ඇත්තටම කලකිරෙනවා ''
 
ඒ සම්බන්ධයෙන් අප කල විමසීමක දී අදහස් දැක්වූ නෙලුම් මාවත කාර්යාලයේ නිලධාරියකු පැවසුයේ, සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින් කියා සිටියේ, ජනාධිපතිවරයා අපහසුතාවයට පත්කිරීමට නොහැකි නිසා, බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලීම මත පාලක ලේකම්ගේ මාධ්‍ය හමුව අවලංගු කල බවයි.

'' රේණුක පෙරේරාට ගෑස් සමාගමේ සභාපතිකම බාර ගන්න තීන්දු කරලා තිබුනේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත. ජනාධිපතිතුමා 13 වෙනිදා උදෙත් රේණුක පෙරේරාට කෝල් එකක් දිලා ඒගැන අහල තියනවා. කොහොම වුනත් ජනාධිපතිතුමා කෙරවලපිටියට ගියාට පස්සේ එතුමාගේම තීන්දුව වෙනස් කරගෙන....එක ජනාධිපතිතුමාට තියන බලය. අපි කාටවත් එකට මොකුත් කියන්න බෑ .. ඒ වුනත් පක්ෂය වෙනුවෙන් මැරීගෙන වැඩකරන රේණුක ලවගේ අයට මේ විදියට හෑල්ලු කරනකොට ඇත්තටම කල කිරෙනවා ..'' එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
 
සබැඳි පුවත් :

 

 

 

Leader Whats app


 
 
 

පාස්කු මහ මොළකරු මෙන්න මෙයා නෑ මෙන්න මෙයා !| මොණවිලගේ ලියමන 

 

බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip

 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 

225ටම ඇමතිකම්! | වියත්කතා
 

ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්