මෙවර මහත් ආන්දෝලනයකට ලක්වූ 'මිසිස් වර්ල්ඩ්' තරගයේ කිරුළ අමෙරිකානු විවාහක රූ රැජිනට හිමිව ඇත.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා, ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේ පැවැති මෙම ලෝක විවාහක රූ රැජිණ තරගයේදී පළමු හයදෙනා අතරට ඒමට අද (16) සමත් වූවාය.
ඇය ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් අවසන් හයදෙනාගේ වටය දක්වා පැමිණීම කැපී පෙනුණී. මෙම තරගාවලියට රටවල් 58කින් මෙවර තරග කාරියන් එක්ව සිටියා ය.
ඇය පසුගිය වසරේ (2021) ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ දිනාගැනීමෙන් පසුව ඇති වූ විවාදාත්මක සිද්ධීන් සමඟ ජනප්‍රියත්වයක් ලැබුවාය.
තරගාවලියෙන් පසු පුෂ්පිකාද සිල්වා තම සමාජ ජාල ගිණුමේ මෙවැනි සටහනක් පළකර ඇත.
“මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුණෙමි. තරගය ජයග්‍රහණය කළ පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ලබාගත් විවාහක රූ රැජිනියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.”
“එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුළු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.”
ගියවර මෙම ජාත්‍යන්තර කිරුළ හිමිකර ගනු ලැබුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි විසිනි.
කෙසේවුවද 'මිසිස් ශ්‍රී ලංකා' තරගයේ දී බරපතල අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් ඇති වූ ගැටුමක් මත කැරොලයින් තමුන්ගේ කිරුළ යළි භාරදීම 'මිසි වර්ල්ඩ්' ඉතිහාසයේ සිදුවූ සුවිශේෂ සිදුවීමකි.
සබැඳි පුවත් :
කැරොලයින් ජූරි, Mrs. World කිරුළු අතහරින බව නිල වශයෙන් දැනුම් දේ (ලිපිය මෙන්න)
පාස්කු මහ මොළකරු මෙන්න මෙයා නෑ මෙන්න මෙයා !| මොණවිලගේ ලියමන
බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip
225ටම ඇමතිකම්! | වියත්කතා
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil