මෙරටින් ලන්ඩනය බලා කෙලින්ම යන ශ්‍රී ලන්කන් ගුවන් මගින් සඳහා කෝවිඩ් PCR පරීක්ෂාවක් සිදුකිරීමට අනවශ්‍ය බවට

ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් ගෙන ඇති තීන්දුවක් නිසා කටුනායක ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් බරපතල අනතුරකට ලක්කර ඇතයි චෝදනාවක් එල්ලවී තිබේ.


ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් නොසන්සුන්තාවයට පත්ව ඇත්තේ, මෙරටින් පිටවයන ගුවන් මගීන් කිහිප දෙනෙකුටම ඔමික්‍රෝන් වයිරසය අසාදනය වී තිබු බවට හඳුනා ගැනීමත් සමගය.
 
ශ්‍රීලන්කන් ගුවන් සේවය මෙවැනි තීන්දුවක් ගෙන ඇත්තේ, වෙනත් රටකින් එක්සත් රාජධානියට (UK) එන සියලු ගුවන් මගීන් ගුවන් යානයට ඇතුළත්වීමට පෙර එරටට පැමිණි වහාම PCR පරික්ෂාවක් සිදුකිරීම සඳහා වූ වෙන්කර ගැනීමට අදාල සහතිකයක් ඉදිරිපත්කල යුතු බවට තීන්දුවක් ගෙන ඇති තත්ත්වයක් තුලය.



මේවනවිට සංචාරක අමාත්‍යාංශයේ බලවත් ඉල්ලීම මත, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙන ඇති තීන්දුවක් අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් ගෙන් එන්නත් ලබා නොගත් අයගේ පමණක් PCR පරික්ෂාව කරන අතර අනෙක් සියලු ගුවන් මගින් PCR පරික්ෂාවකින් තොරව මුදා හරි. මෙලෙස පැමිණි ගුවන් මගීන් 300ක් පමණ දෙනා ට කෝවිඩ් ආසාදනය වී තිබු අතර ඔවුන්ගෙන් වැඩිදෙනාට ඔමික්‍රෝන් වයිරසය අසාදනය වී තිබිණ.



කෙසේවුවද එමිරේට්ස් වැනි ඇතැම් ගුවන් සේවා PCR පරීක්ෂණ සහතිකයක් නොමැතිව කිසිඳු ගුවන් මගියකු තම ගුවන් යන ඇතුලට ඇතුලත් කර නොගනී. එසේම ඇතැම් රටවල් ද තමරටට ඇතුල් වීමේදී PCR පරික්ෂාවක අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

සංචාරකයින් ලෙස මෙරටට පැමිණෙන රුසියානුවන් කෝවිඩ් PCR පරික්ෂාවට ලක්නොකරන නමුත් ඔවුන් විසින් ගුවන් තොටුපල බලධාරීන් වෙත PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල යුතුවේ.

එම රුසියානු සංචාරකයින් යලි කෙලින්ම රුසියාවට යන්නේ නම් PCR  පරික්ෂාවට ලක්නොකරයි.



මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, ඔමික්‍රෝන් රටට එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි තීරණ නිසා බව සාධක සහිතව යලි තහවුරු වී ඇති බවයි.



රවී කුමුදේශ් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරමින් නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

ravi kumudesh

''ජනවාරි මස මුල් සති දෙක තුළදී රටට ඇතුළුවන සහ පිටවන
ගුවන් මගීන්ගේ ආසාදිතයින් අතුරින් සිදු කල ප්‍රභේද පරීක්ෂණ
300කින් 130 දෙනෙකු ඔමික්‍රෝන් ආසාධිතයින් බව තහවුරු වී ඇත.
ජනවාරි මුල් සති දෙක තුලදි රට තුල හදුනාගත් ආසාධිතයින්
182කින් සිදු කල ප්‍රභේද පරීක්ෂණ මගින් මේ බව තහවුරු වී ඇති ඇතර,
එම අසාධිතයින් අතුරින් 160 දෙනෙකුම ඔමික්‍රෝන් ආසාදිතයින් බව
තහවුරු වී ඇත.'' - රවී කුමුදේශ්




එසේම, මෙම හදුනා ගැනීමට අදාලව ගුවන් මගීන් 5000ක පමණ ප්‍රමාණයකින් සිදු කල පරීක්ෂණ 300ක් පමණ කොවිඩ් ආසාදිතයින් බවත්, එයින් 160ක ප්‍රමාණයක් ඔමික්‍රෝන් බවට පත් වීමත් හරහා, ආසාධිතයින් රටට ඇතුලුවීම වැලැක්වීම සදහා රටට ඇතුළු වීමට පෙර PCR පරීක්ෂණ සිදු කිරිමේ අවශ්‍යතාවට සහ කොවිඩ් මර්ධනය සදහා එහි ඇති වටිනාකම ඉතා පැහැදිළිව තහවරු වී ඇත.



ඒ අනූව ගුවන් මගීන්ගෙන් 6%කට පමණ කොවිඩ් ආසාධනය තිබිය හැකි බවත්, එයින් 4%කට වඩා වැඩි ප්‍රමාණයක් ඔමික්‍රෝන් බවත් අනුමාන කල හැකිවන අතර, රට ආරක්ෂා කිරීම සදහා ඔවුන් රටට ඇතුළුවීමට පෙර පරීක්ෂා කර නිරෝධායනය කිරීම අත්‍යාවශ්‍ය බව පැහැදිළිය.



මෙම ආසාදිතයින් බහුතරයක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් හා ගුවන්ගත වීමට දින තුනකට කලින් කොවිඩ් නොමැති බවට වාර්ථා රැගෙන පැමිණි අය වුවත්, දින පහක් පමණ ඇතුලත යලි සිය රටට යෑම සදහා සිදු කරණු ලබන් පරික්ෂාව මගින් ආසාධිතයින් බව තහවුරු කරගත් අය වෙති.

ඒ හේතුවෙන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහතික රැගත් ගුවන් මගීන් වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනූව PCR කිරීම අනවශ්‍ය බවට නිති පනවා, රටට ඇතුළු කරගත් ගුවන් මගීන් වේ. එනිසාම ඔවුන් ඔමික්‍රෝන් සහ අනෙකුත් ප්‍රභේද රැගෙන නිදහසේ රටට ඇතුලුවී, නිදහසේ රට තුල සංචරනය කල අය වෙති.

මෙම තහවුරු කිරීම් සිදුවන්නේ අසාධිතයින් හදුනා ගැනීම සදහා ජපුර රසායනාගාරය සිදු කරනු ලබන ඉතා සුළු පරීක්ෂණ ප්‍රමාණයකින් වන අතර, ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කර ඇති රසායනාගාර කිසිවක් මෙතෙක් ඔවුන්ගේ වාර්ථා ඉදිරිපත් කර නොමැත.

ශ්‍රී ලංකාව තුල කොවිඩ් වසංගතයේ ප්‍රවණතාවය පුරෝකථණය කිරීම සදහා කිසිදු විධිමත් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදු නොවන නමුත්, මෙලෙස අවිධිමත් ලෙස ලැබෙන දත්ත විමර්ෂණය කිරීමේදී, මේවන විට අසාධිතයින්ගෙන් 25%ක් පමණ ඔමික්‍රෝන් විය හැකි බවටත්, රටට ඇතුළුවීම පවා පාලනය නොකරන තත්වය හමුවේ පෙබරවාරී මාසය වන විට එය 50% ඉක්මවා යා හැකි බව අනුමාන කල හැක.
\


රටකට ඇතුළුවීමට පෙර PCR පරීක්ෂාවක් සිදු කිරීමේ අරමුණ ?



රටකට ඇතුළුවීමට පෙර PCR පරීක්ෂාවක් සිදු කිරීමේ අරමුණ තමන්ගේ රට ආරක්ෂා කර ගැනීම වන අතර, රටෙන් පිටවීමට පෙර PCR පරීක්ෂාවක් කිරීම මගින් ගුවන් තොටුපල, ගුවන් යානා කාර්යමණඩල සහ ගුවන් ගමනට අදාලව සෘජු හා වක්‍ර සේවා සපයන ආයතන ආරක්ෂාව අපේක්ෂා කරයි.



ඒ අනුව එක්සත් රාජධානිය තමන්ගේ රටට ඇතුලුවීමේදී PCR පරීක්ෂණයක් වෙන්කරවා ගැනීම මගින් සිය රට ආරක්ෂා කරගෙන ඇති බව පැහැදිළිය. නමුත් ශ්‍රී ලංකාවෙන් පිටවීමට පෙර පරීක්ෂණ සිදු කිරීම මගින් අප රටේ සේවා අංශ ආරක්ෂා කර ගැනීම අප රටේ වගකිමකි. එය වෙනත් රටක නීතියකින් ආවරණය වන්නක් නොවේ.

කෙසේ නමුත් රටින් පිටවන විට එංගල්න්ත නීතිය ක්‍රියාත්මක කරමින් රට අනතුරේ හෙලන අපේ රටේ සෞඛ්‍ය නීතිය, රටට ඇතුලු වීමේදී එංගලන්ත නීතිය මග හැර, කිසිදු පරීක්ෂාවක් නොමැතිව රට තුල සැරිසැරීමට ඉඩ සැලැස්වීම මගින් රට ආරක්ෂා කර ගැනීමේ වගකීම වුවමණාවෙන්ම නොසලකා හැර ඇත.




තවත් ආසාදිතයින් 160ක් හඳුනාගෙන !

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදනයවූ ආසාදිතයින් තවත් 160 දෙනෙකු සොයා ගෙන ඇතැයි  ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල  ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර ලංකාදීපයට පවසා තිබේ.

මෙම ඔමික්‍රොන්  නව ආසාදිතයන් පිරිස හමුවී ඇත්තේ කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල 182 ක් පරික්ෂා කිරීමේදී බවද හෙතෙම සඳහන් කළේය.

 

 

 

 

Leader Whats app


 
 
 

පාස්කු මහ මොළකරු මෙන්න මෙයා නෑ මෙන්න මෙයා !| මොණවිලගේ ලියමන 

 

බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip

 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 

225ටම ඇමතිකම්! | වියත්කතා
 

ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්