ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය

අනතුරු අඟවයි.

දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත්, දින 22කට සරිලන දැවි තෙල් බවත් හෙතෙම සදහන් කරයි.

ඒ අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට සිදු වනු ඇති බවත් ඒය සිදු නොකරන්නේ නම් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලාශවල ජලය භාවිතා කිරීමේදී සීමාවන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒම ජලය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, පානීය හා පාරිසරික අරමුණු සඳහා කලමණාකාරණය කරමින් පවතින නිසාය.

අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයන් සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු වීම හේතුවෙන් බිඳවැටීම්වලදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැති බවත් සංගමය තව දුරටත් පෙන්වා දෙයි.


‘විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්නේ ඩොලර් දුන්නොත් විතරයි‘

 

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ, විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බවයි. ඒ අනුව මණ්ඩලයට අදින් පසුව ඩොලර් නොමැතිව ඉන්ධන ලබා නොදෙන බව ඔහු 'ලංකාදීප' කළ විමසීමකදී සඳහන් කර තිබේ.

 

ඉන්ධන නොමැතිවීම හේතුවෙන්, විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් ගිය සතියේ නතර වූ අතර, එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන්  තුන් දහසක් අවස්ථා දෙකකදී ලබාදී ඇතැයි පවසන ඇමතිවරයා, ඩොලර් නොමැතිව මින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නොහැකි බව සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය ඩොලර් ලබාදුනහොත් ඛනිජ තෙල් ආනයනය කර ලබාදිය හැකි බව කියන ඇමතිවරයා, ඒ සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බව ද කියා සිටියි.

විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව නොමැති බව පවසන බලශක්ති අමාත්‍යවරයා, දැනට තිබෙන ඉන්ධන විදුලිය නිෂ්පාදනයට ලබාදුනහොත් වාහන ධාවනය කිරීමට නොහැකි වනු ඇතැයි කියා සිටියි.

ඉන්ධන නොමැති වුවහොත් විදුලිය සැපයුම පැයකට දෙකකට කපාහැර තත්වය කළමකළමනාකරණය කිරීමට හැකියාව ඇති නමුත්, වාහන ධාවනය සඳහා එවැනි පියවරකට යා නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

 

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇත, ඉන්ධන නැත යනුවෙන් ප්‍රදර්ශනය කරනවා හැරෙන්නට අතරමැදි තත්වයක් නොමැති බවද බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියි.

 

ඉන්ධන දීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි 920 ක මුදලක් ද , ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන්  රුපියල් කෝටි 650ක මුදලක් ද ණය වශයෙන් ලැබිය යුතුව ඇතැයි පවසන ඇමැතිවරයා, ඉන්ධන අවශ්‍ය නම් මුදල්  ලබා දෙන ලෙස එම ආයතන දෙකටම කල්තියාම දැනුම් දුන් බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් ලබාදී ඇතත්, විදුලි බල මන්ඩලය එසේ ඩොලර් ලබාදී නැතැයි ද ඇමතිවරයා පවසයි.

 

 




බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip




මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන



සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්