ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජාතික රුපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබුවේ ජාතික රූපවාහිනියේ අනාගත පැවැත්ම වගේම අස්ථාවරත්වය නැති කිරීම සඳහා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කල මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

''ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කරනු ලැබුවා. ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (1) ව්‍යවස්ථාවට හා 46 (1) (ආ) වැනි ව්‍යවස්ථාවට අනුකූලවයි. මෙම පවරා ගැනීම පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙනවා.''

මේ අතර ජනමාධ්‍ය කැබිනට් නොවන රුවන් විජේවර්ධන මහතා මෙම පවරා ගැනීම සම්බන්ධ ට්විටර් නිවේදනයක් පෙරේදා රාත්‍රියේ නිකුත් කර තිබු අතර එහි මෙසේ සඳහන් විය.

''පාඩු ලබන ජාතික රූපවාහිනිය පවත්වාගෙන යාමට භාණ්ඩාරය මගින් ජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි හතරක් මාසිකව වැය කරයි.  මෙයට විසඳුමක් ලෙස මා විසින් සිදුකිරීමට යෙදුනු කළමණාකාර වෙනසට ජනපති විසින් දිගින් දිගටම බාදා කරන ලදී. මෙහි අවසන් ජවනිකාව වූයේ ජනපති අත්තනෝමතික ලෙස රූපවාහිනිය පවරා ගැනීමයි.''

මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර එම ට්විටර් පණිවිඩය හා රූපවාහිනිය පවරා ගැනීමට අදාළ කරුණු පැහැදිළි කරමින් මෙසේ සඳහන් කළේය.

''රුවන් විජේවර්ධන මැතිතුමා එතුමාගේ ට්විටර් පණිවිඩයක ඉදිරිපත් කරලා තිබුණා කාරණා කිහිපයක්. එකක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පාඩු ලබන තත්වයට පත්වෙලා තිබෙනවා මිලියන 40 ක් වැනි ප්‍රමාණයක් මාසිකව දෙන ප්‍රමාණය ලැබුණයි කියලා.

නමුත් මේ ප්‍රමාණය ලැබිලා නැහැ මේ වෙනකොටත් තියෙන ප්‍රශ්නය මේකයි. ඇත්තටම එතුමා අමාත්‍යවරයා විදිහට මේ ක්‍රියා දාමය නොදැනීම පිළිබඳව අපි කණගාටු වෙනවා. මොකද තවම මහාභාණ්ඩාගාරයෙන් සත පහක මුදලක්වත් හම්වෙලා නැහැ මේ රුපියල් මිලියන 40 ලබා දුන්නාය කිව්වට. 

sep 11 Text 4රජයේ ආයතනවලට සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීමේ දී ඔවුන්ගේ සුදුසුකම් සොයා බැලීමට ජනාධිපතිතුමාගේ කමිටුවක් තිබෙනවා. ඒ එම ආයතනයවලට නිර්දේශ කරන සභාපතිවරුන් පත් කිරීමට පෙරාතුව, ඔවුන් සම්බන්ධව සලකා බැලීම සඳහා. ඒ අනුව තමයි සත්‍යාංගනී මැතිනිය පත් කරේ රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමිය විදිහට.

නමුත් ඊට පස්සේ රුවන් විජේවර්ධන මැතිතුමා විසින් නමක් එව්වා සංජීව විජේගුණවර්ධන කියලා මහත්මයෙක්ව. එතුමාගේ ව්‍යාපරය තමයි ජෙනරේටර් අලෙවි ව්‍යාපාරිකයෙන් එතුමා. අර කමිටුව විසින් ඒක ප්‍රතික්ෂේප කරලා උදය ආර් සෙනෙවිරත්න මැතිතුමා ජනාධිපති ලේකම් වදිහට සංජීව විජේගුණවර්ධන මහතා පත් කිරීමට අනුමැතිය ලබා දී නැහැයි කියලා ලේකම් සුනිල් සමරවීර මහත්මයාට ඒ කාලේ ලිපියක් ඇරියා.

ඒ වගේම ඊට පස්සේ නැවත සත්‍යාංගනී මැතිනිය මේ ආයතනයේ සභාපතිතුමිය විදිහට වැඩ කටයුතු කරා. ඒ කරගෙන යන කොට තමයි නැවතත් කැලුම් පාලිත මහීරත්න කියලා මහත්මයෙක්ව රූපවාහිනියේ සභාපතිවරයා විදිහට පත්කරන්නේ අර කමිටුවේ කිසිදු අනුමැතියකින් තොරව.

බොහොම පැහැදිළිව මෙහි ප්‍රධාන අමාත්‍යංශයේ වගකීම තියෙන්නේ ජනාධිපතිතුමාට කැබිනට් අමාත්‍යවරයා විදිහට. දෙවෙනි කාරණය තමයි අර ජනාධිපතිතුමාගේ කමිටුවට ඉදිරිපත් කරන්නේ නැතුව තමයි මේ කැලුම් පාලිත මහීරත්න මහත්මයාව අමාත්‍යංශය විසින් පත්කරනු ලබන්නේ. මේක සම්පූර්ණ වැරදියි.

ඒක නිසා මේකේ විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. ඒ වගේම දිගින් දිගටම අත්තනෝමකිත ලෙස අමාත්‍යවරයා විසින් තමාගේ තනි මතයට පත්කිරීම් සිද්ධ කරා. දාලා තිබුණ අධ්‍යක්ෂවරුන් ගත්තම ප්‍රාදේශීය මන්ත්‍රීවරුත් මේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරලා තිබුණා. මම ගිය සතියේත් පාර්ලිමේන්තුවේදී මේක ගත්තා.

sep 11 Text 3මොකද හේතුව එක දවසෙම සභාපතිවරු දෙන්නෙක් ඇවිල්ලා දෙන්නා ඉස්සරහා පුටුවල ඉඳගෙන ඉන්නවා. එක්කෙනෙක් සභාපති පුටුවේ ඉඳගෙන ඉන්නවා. අනෙක් එක්කෙනා ඉස්සරහා පුටුවේ ඉඳගෙන ඉන්නවා. ඒ දෙන්නා කියනවා මාව දැන් පත් කරලා තියෙන්නේ ඔයා අයින්වෙලා මෙතනින් යන්න කියලා. 

මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක් තමයි මේකෙ අතුලේ ඇති වුණේ. ඇත්තටම ඉන්න සභාපතිතුමියටත් ප්‍රශ්නයක්. අර සභාපතිතුමා පත්කරපු  එක්කෙනාත් ඇමතිතුමා  පත්වීම දුන්නට පස්සේ එයත් ගිහින් වැඩ බාරගන්න යනවා. සේවක මණ්ඩලය අතර විශාල නොසන්සුන් තාවයක් ඇති වුණා.

ඒ නිසා ඒ සියලු කාරණා සලකා බලලා රූපවාහිනියේ අනාගත පැවැත්ම ඒ වගේම අස්ථාවරත්වය නැති කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් රූපවාහිනිය විශේෂ ගැසට් පත්‍රයක් මගින් පවරා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඇත්තටම මේකේ  මංගල සමරවීර ඇමතිතුමා ඉන්න කාලේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.'' දයාසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

කාටුන්

නවතම පුවත්