ලංකා විදුලිබල මණ්ඩලයෙන් නව සාමාන්‍යධිකාරිවරයා පත්කර ඇත්තේ සම්ප්‍රදායට පිටින් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.



මෙම නව සාමාන්‍යාධිකාරිවරයා යුගදනවි ගිවිසුමට අත්සන් කරන ලද සාක්ෂිකරුවෙකු බවත් ඔහුට විරුද්ධව දූෂණ චෝදනා රාශියක් ඇති බවත් පවසන ඇමතිවරයා, මෙම පත් කිරීම සිදුකර ඇත්තේ යහපත් අරමුණකින් නොවන බව එයින්ම තේරුම් යන බවද කියා සිටියි.

විදුලිබල වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය මගින් ජනතාව අපහසුතාවයට පත් වන්නේ නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම විදුලිබල සභාපතිවරයා බාර ගත යුතු බවත් ආණ්ඩුවත් ඒ ගැන වග බලා ගත යුතු බවත් ඔහු අවධාරණය කර සිටියි.

මෙවන් තක්කඩි දේවල් නොවන්න ආණ්ඩුව වැඩ කටයුතු කළ යුතු බවද හෙතෙම තව දුරටත් කියා සිටී.

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමට පක්ෂව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටීම සුවිශේෂී කාරණයකි.


අභියාචනාධිකරණයේ තීන්දුව :



image 6aaa6713fbලංකා විදුලිබල මණ්ඩලයේ අභිනව සාමාන්‍යාධිකාරී ලෙස විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙසද, විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද සේවය කර ඇති ආචාර්ය සුසන්ත පෙරේරා පසුගියදා පත් කරනු ලැබිය. අත්දැකීම් බහුල ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඔහුව එසේ පත්කර ඇත්තේ, විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණයකට අනුව වන අතර එය අභියාචනාධිකරණයේ පසුගියදා විභාග කරනු ලැබූ පෙත්සම් දෙකකට අදාළව අධිකරණය විසින් ලබා දුන් අතුරු තීරණයකට අනුව වීම විශේෂත්වයකි.



රජයේ නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස වයස අවුරුදු 60 හි සිට 62 දක්වා දීර්ඝ කිරීමට සමගාමීව විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේද වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කරන ලදි.

කෙසේ නමුත් එවකට සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කල එම්. ආර්. රණතුංග ගේ ධූර කාලය දීර්ඝ කිරීමට පළමුව විදුලිබල ඇමතිවරයා එකඟව තිබුනත් විදුලිබල පනතට අනුව ලං.වි.ම සාමාන්‍යාධිකාරී වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්විය යුතු බවට පනතේ සදහන්ව තිබුණු නිසා පසුව එය අවලංගු කර ආචාර්ය රෝහාන්ත අබේසේකර පත්කිරීමට තීරණය කර තිබුණි.

එම හේතුව මත එම්. ආර්. රණතුංග සහ  ආචාර්ය රෝහාන්ත අබේසේකර යන දෙදෙනා ම අභියාචනාධිකරණයේ වෙන වෙනම පෙත්සම් දෙකක් ගොනු කරමින් සාමාන්‍යාධිකාරී තනතුරේ තමන්ට ක්‍රියා කිරීම සඳහා අවසර ලබා ගැනීමට ක්‍රියා කළේය.

එම පෙත්සම් විභාග කර තීන්දු ලබා දෙන තෙක් විදුලි බල පනත 5(1) වගන්තිය යටතේ තාවකාලිකව  සාමාන්‍යාධිකාරීවරයෙකු පත්කර ගැනීමේ බලය විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට පවතින බව අධිකරණය විසින් දැනුම් දී තිබුණි.

 

කෙසේවෙතත් විදුලිබල පනත ප්‍රකාරව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුරට බාහිර පුද්ගලයෙකු පත්කර ගැනීමේ ඇති හැකියාව මෙහිදී භාවිතා වීම විශේෂත්වයකි.

 

ආචාර්ය සුසන්ත පෙරේරා පත්කිරීමේ පත්කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීන්දුවට විදුලි බල මන්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය ඇතුලු, අනෙකුත් වෘත්තීය සංගම් එකඟත්වය පළකර ඇතත්, ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය එම තීරණයට බරපතල විරෝධයක් පළකර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 'සෞභාග්‍යයේ දැක්ම' රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවට අනුව පුනර්ජනනීය විදුලිය තුලින් විදුලිබල ධාරිතාවය ඉහල නැංවීමට දරන උත්සාහයට විදුලිබල ඉංජිනේරු සංගමය දිගින් දිගටම අකුල් හෙලමින් සිටින බවයි.

 දිගින් දිගටම පාඩු ලබන විදුලිබල මණ්ඩලය නව ආයෝජන හා පුනර්ජනනීය විදුලිය තුලින් නව දැක්මක් යටතේ අඩුමිලට, අඛණ්ඩව විදුලිය ලබා දීම තමාගේ මෙන්ම වත්මන් අධ්‍යක්ෂ මන්ඩලයේ බලාපොරොත්තුව බව අමාත්‍යවරයා කියා සිටියි.


විදුලි ඉංජිනේරුවන්ගේ අවසන් තීරණය අද


කෙසේවුවද විදුලි බල මණ්ඩලයේ නව සමාන්‍යාධිකාරිවරයාගේ පත්කිරීම අවලංගු කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් පැවසීය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීම සම්බන්ධයෙන් වු අවසන් තීරණයක් අද (19) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

සිය ගැටලු සම්බන්ධයෙන් ලංකා විදුලි මණ්ඩලයේ අධ්‍ය්‍යක්ෂ මණ්ඩලය විසින් අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට අපේක්ෂා කරන බව චරිත ජයනාත් වැඩිදුරටත් පැවසීය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් ඊයේ (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත විය.




සබැඳි පුවත් :


ලංවිමට වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයෙක්

Leader Whats app


 
ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip

 
ராஜபக்ச தரப்பை கிலிகொள்ளவைத்த கருத்துக் கணிப்பு |
 

2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 

විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 

 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?




225ටම ඇමතිකම්! | වියත්කතා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්