තෙසර ජයසිංහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්කර 'පොහොට්ටු' පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා එම තනතුරට පත්කරමින් තමා විසින් ජනවාරි 12දා නිකුත්කර ඇති ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලේකම්වරයාට අද (19) දිනයේ ලිඛිතව දැනුම්දී ඇත. (ලිට්රෝ ගෑස් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ඇති ආයතනයකි.)

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින් යොමුකර ඇති එම ලිපියේ සඳහන් වන්නේ, ජනාධිපතිවරයාගේ දැනුම්දීම මත තමන්ගේ ජනවාරි 12 ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවයි.


Screenshot 2022 01 19 at 9.22.13 PM
        ජනාධිපතිගේ නියෝගයමත නිකුත්කළ ලිපිය


කෙසේවුවද රේණුක පෙරේරා  ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට හා සභාපති ධුරයට පත්කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලේකම්වරයාට ජනවාරි 12 දා  දැනුම් දී තිබුනේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ නියෝගය මතයි.


 

GR latter 2022


මුදල් අමාත්‍යවරයාගේ නියෝගයමත නිකුත්කළ ලිපිය



ජනාධිපතිවරයා විසින්ම නිකුත්කර ඇති චක්‍ර ලේඛන හා ගැසට් පත්‍රයන්ට අනුව මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල පත්කිරීම් හා ඉවත්කිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ මුදල් අමාත්‍යවරයා වෙතය.



ඒ සම්බන්ධයෙන් අප වෙත කරුණු පැහැදිලිකිරීමක් කළ  මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජනාධිපතිවරයාගේ නොදැනුවත්කම හෝ වැරදි උපදෙසක් නිසා හෝ  මුදල් අමාත්‍යවරයා  සතු රාජකාරියකට  අතපොවා ඇති බවයි.



ලිට්රෝ සභාපති ඉවත් කිරීමට අදාල ව පසුගිය සිදුවීම රාජපක්ෂවරුන් අතර ගැටුමක් ලෙස ඇතැමුන් විසින් හුවා දක්වා තිබුණ ද දැඩි බැසිල්වාදියකු වන පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පවසා තිබුනේ, රේනුක පෙරේරා පත් කළේ බැසිල් රාජපක්ෂ නොව ජනාධිපතිවරයා විසින් බවයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මෙසේ සටහන් කර තිබිණ.

''රේනුක පෙරේරා බැසිල් රාජපක්ෂ මහතාගේ තේරීමක් නොව ජනාධිපතිතුමාගේ ම එකක් බව අවධාරණය කළ යුතුයි. එම තේරුම මතයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිත්‍රෝ සමාගම හිමි රක්ෂණ සංස්ථාවට රේනුක පෙරේරා සභාපති ලෙස නම් කර ලිපියක් යවන්නේ. ඒ අනුව, රක්ෂණ සංස්ථා පාලක මණ්ඩලය විසින් තෙෂාර ජයසිංහ ඉවත් කර රේනුක පෙරේරා පත් කරනවා. මා දන්නා ලෙස තාමත් එම තීරණය ඒ අයුරින්මයි තියෙන්නෙ.


සබැඳි පුවත් :
'තෙෂාර ඉවත්කර රේණුක පත්කළේ බැසිල් නොවේ: ජනාධිපතියි' - මහින්ද කියයි

ඒකත් රිවර්ස්...! - ජනපති, බැසිල්ගේ නියෝගය අත්හිටුවයි

 

Leader Whats app


 

ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip

 
 
ராஜபக்ச தரப்பை கிலிகொள்ளவைத்த கருத்துக் கணிப்பு |
 

2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 

විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 

 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?

 
225ටම ඇමතිකම්! | වියත්කතා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්