ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසිය.

 

ශ්‍රී ලංකාව 1950 දී සිට මේ දක්වා අවස්ථා 16කදී එහි පාර්ශවකරුවකු ලෙස ගණුදෙනු කර ඇති බවත්, අවසන් වරට 2016 දී ඩොලර් බිලියන 1.1ක මුදලක් ලබාගෙන ඇති බවත් පැවසු ඇමතිවරයා, එයින් මෙතෙක් ලබාගත් විශාලතම මුදල ලෙස, 2008 වසරේ යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවකදී ඩොලර් බිලියන 2.5ක් ලබාගෙන ඇතැයි ද සඳහන් කළේය.

 

එහි සාමාජික රටක් ලෙස ඉතිහාසයේත් විශ්වාසයන් පළුදු කරගෙන නැතැයි කී ඇමතිවරයා බිල්ලෙක්ගේ රූපයක් මවන්නේ නැතිව ඉතිහාසයට සාපේක්‍ෂව ඒ දෙස බැලිය යුතු බව ද කීවේය.

 

 අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මූල්‍ය අරමුදලට යාම පිළිබඳව මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යාංශය ලෙස සාකච්ඡා කර නැතැයි ද ඇමතිවරයා පැවසීය.

ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවීම සඳහා ඩොලර් මිලියන 500 ලැබුණේ කොහෙන්දැයි මාධ්‍යවේදිනියක නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ මෙතෙක් පැවතියේ එය ගෙවීමට හැකිද යන්න ගැන පසුගිය දිනවල ලොකු තැතිගැනීමක් තිබූ බවත්, ආර්ථික කුණාටුවක් අභියස සිටියදී එය නිමාවූ සතුට භුක්ති විඳිය යුතු බවත්ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ගේ ඉන්දීය සංචාරය ඉතා ඵලදායී එකක් බව ඇමතිවරයා කීවේය.

(ලංකාදීප) 

 

 

Leader Whats app


 
 
 

கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!
 

සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?

මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන
 
 
 

ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්