රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හමුදාකරණයට එරෙහි අරගලයේ දේශපාලන හා සමාජ ක්‍රියාධරයකු අධිකරණය මගින් නිදහස් කොට තිබේ.
ඉකුත් දෙසැම්බර් 30 වැනිදා මුලතිව් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභික හා එම පක්ෂයේ යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික පීටර් ඉලන්චේලියන් පෙරේදා [18] ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කළේ ඔහුගේ නීතිඥ එස්. ධනංජයන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත පීටර් ඉලන්චේලියන් මුදා හැරීමට නියෝග කළ මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාසා කියා සිටියේ මැයි 24 වැනිදා ඔහුට එරෙහි නඩුව යළි කැඳවන බවය.
ශ්‍රී ලංකාවේ වැඩිම හමුදා ගහනයක් ඇති දිස්ත්‍රික්කයේ හමුදා බලධාරීන් හා නිරන්තරයෙන් ගැටෙන ඉලන්චේලියන් හට පොලිසිය විසින් එල්ල කොට ඇත්තේ මුලතිව් සිට යාපනය දක්වා පෞද්ගලික බස් ධාවන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස සැකසීමේ චෝදනාවකි.
දෙසැම්බර් 30 වැනිදා අත්අඩංගුවට ගත් ඔහු ජනවාරි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ජනවාරි 04 වැනිදා උසාවි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මුලතිව් හි සමාජ හා දේශපාලන ක්‍රියාධරයෙක් වන පීටර් ඉලන්චේලියන් වට්ටුවාහල් ගෝඨාභය නාවික හමුදා කඳවුරට ප්‍රදේශයේ ජනයාට අයත් ඉඩම් පවරා ගැනීමට එරෙහිව උද්ඝෝෂණය කිරීම නිසා පොලිසිය විසින් නඩු පවරා ඇති සිව් දෙනාගෙන් අයෙකි.
ඊට අමතරව මහවිරු තහනම් නියෝග ලබා ගැනීමේදී මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිසි කිහිපයකින්ම ඔහුගේ නම මෙන්ම ජීවතුන් අතර නැති ඔහුගේ පියාගේ නමද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එසේ ලබා ගත් අධිකරණ නියෝගයක් බාර නොගෙන පොලිසිය ආපසු පිටත් කර යැවුයේ අදාල ලියවිල්ලේ ඔහුගේ නම වෙනුවට මිය ගිය සිය පියාගේ නම සටහන් කර තිබීම නිසාය.
ඉකුත් මහවිරු දිනය දා පොලිසිය විසින් ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත්තේ LTTE විරුවන් සැමරීමට උත්සාහ කරන බව පවසමින්ය.
සබැඳි පුවත් :
වන්නියේ TNA ක්‍රියාධරයා දිගටම රිමාන්ඩ්
හමුදාකරණයට එරෙහි වන්නියේ දෙමළ ක්‍රියාධරයකු රිමාන්ඩ්
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!
සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?
මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන
ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip
225ටම ඇමතිකම්! | වියත්කතා