ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කරන ලද ඩොලර් ටික වහාම රටට ගෙන එන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.


එවිට ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නොවන බව ද විපක්ෂනායකවරයා කීය.

ලංකාව අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අප අවතීරණ විය යුතුව තිබෙන බව ද විපක්ෂ නායකවරයා පැවසිය.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක ට නිදහස ලබාදෙන ලෙස ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස කියා සිටියේය.


''ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහමුලින්ම ෆේල්''



රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ පැවසිය.

''මේ වර්තමාන රජයේ නිර්මාණය වුණු ප්‍රධානතම පදනම ජාතික ආරක්ෂාව. ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රධාන තේමාව වුණේ. අපි දකිනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙත් එතුමා කියනවා අපේ රජය ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා.

ගරු කථානායකතුමනි,

විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව කියන මාතෘකාව ගැන කතා කරනකොට එය පුළුල් ආකාරයෙන් දකින්නත් පුළුවන්, පටු ආකාරයෙන් දකින්න පුළුවන්.

ජනාධිපතිවරණයේ දී අපි බොහොම පැහැදිලිවම කිව්වා මේ ජාතික ආරක්ෂාව කියන මාතෘකාව පුළුල් ආකාරයෙන් අපි දකින්නට ඕනේ කියන කාරණය.

අපි පුළුල් ආකාරයෙන් බැලුවොත්, ජාතික ආරක්ෂාවට මිලිටරිය ආරක්ෂාව වැදගත්, ආර්ථික ආරක්ෂාව වැදගත්, ජීවන උපාය ආරක්ෂාව වැදගත්, සෞඛ්‍ය ආරක්ෂාව වැදගත්, කෘෂිකාර්මික ආරක්ෂාව වැදගත්, ආර්ථික ආරක්ෂාව වැදගත්, අධ්‍යාපන ආරක්ෂාව වැදගත්,  ආහාර සුරක්ෂිතභාවය වැදගත්, බලශක්තිය ආරක්ෂාව වැදගත්, ඒ වගේම දේශපාලන ආරක්ෂාව වැදගත්.

මෙන්න මේක තමයි ජාතික ආරක්ෂාව ඉතින් මං බොහොම පැහැදිලිව මේ අවස්ථාවේදී කියන්න කැමතියි. මේ හැම කොටසකින්ම මේ රජය අසාර්ථකයි. අපොහොසත් වෙලා තිබෙනවා ඉලක්ක සම්පූර්ණ කරන්න. කෙටියෙන් කියනවානම් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහමුලින්ම ෆේල්.''

 

Leader Whats app


 

  

ජනපතිගේ අලුත් turn එක බැසිල්ගෙන් පටන් ගනී ! | The Leader TV | Gossip 

 


கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන



ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip





 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්