1200 x 80 DMirror

 
 


# ''මේ විදියට දිගටම ගියොත් මේක ලේ වැගිරීමකින් අවසන් වේවිද කියල බයයි.''

# ''පාර්ලිමේන්තුවේ කළ පහරදීම් ගැන පරීක්ෂණය රනිල්, මහින්ද එකතුවෙලා නැවැත්තුවා.''

# ''ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය වෙලාවේ මට ඇසිඩ් ගහන්නත් කුමන්ත්‍රණයක් තිබුනා.''


'ව්‍යවස්ථා කුමන්ත්‍රණය' අවස්ථාවේ පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනවිත්, පුටුවලින් ගසමින්, මන්ත්‍රීවරුන්ට පහරදෙමින් කළ ප්‍රහාරය සැලසුම් කළේ කොළඹ හිල්ටන් හෝටලයේ දී බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

එහෙත් රටේ අවාසනාවකට එම ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණ නවතා දමන මෙන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පොලිසියට නියෝග කොට තිබෙන බව ද හිටපු කතානායකවරයා පළමුවරට හෙළි කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පදවියෙන් පහකරනු ලැබූ රනිල් වික්‍රමසිංහ යළි පදවියේ පිහිටුවීමට බලකරමින් ප්‍රජාතන්ත්‍රවාදය පිණිස එතරම්  සටන් කළත් "බලය සඳහා ඒ විදියට අපිව පාවා දෙනවා නම්, එහෙම දේශපාලන ලෝකෙක ජීවත්වෙන්න වීම ගැන ලොකු කලකිරීමක් තියෙනවා," යනුවෙන් හිටපු කතානායක කරු ජයසූරිය පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ 'Sandeshaya by Saroj' යූටියුබ් නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේ වැඩිහිටි නිවාසයක උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ තමන්ට ඇසිඩ් ගැසීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබූ  බවත් ඔහු කියා සිටියේය.


සම්පුර්ණ සාකච්ඡාව පහතින්  

 

Leader Whats app


 

  

ජනපතිගේ අලුත් turn එක බැසිල්ගෙන් පටන් ගනී ! | The Leader TV | Gossip 

 


கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන



ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip





 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්