සම්ප්‍රදායික දේශපාලනයෙන් වර්තමාන අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකි බවත්, අද අප මුහුණ දෙන්නේ මේ දේශපාලන ක්රමයේ අවසානයට බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
හිටපු අග්‍රාමාත්‍යවරයා එබව කියා සිටියේ, ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට අද (20) එක්වෙමිනි.
''මේ සම්ප්‍රදායික දේශපාලනයේ අපි උපරිම දුරට ඇවිත් තියනවා. සම්ප්‍රදායික දේශපාලනයේ යෙදීමෙන් අපට මේ අර්බුදය විසදන්න බෑ. අපි මෙතන කෑ ගහනවා. විවිධ සටන් පාඨ කියනවා විතරයි, අපිට ප්‍රතිපත්ති ස්ථාවර භාවයක් නැතිව මධ්‍යම කාලින වැඩසටහනක් නැතිව මේ ප්‍රශ්නේ විසඳන්න අමාරුයි. ඒ නිසා අපි අද මුහුණ දෙන්නේ මේ දේශපාලන ක්රමයේ අවසානයට. මේ දේශපාලනයෙන් තව දුරට යන්න බෑ, ඒ අවසානය කියන්නේ, පාර්ලිමේන්තුවේ අවසානය නෙවේ, පාර්ලිමේන්තුවේ අපි අලුතින් හිතන්න ඕනේ" යයි ඔහු කියා සිටියේය.
ඒ සමබන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ හිටපු අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.
''අපි ඔක්කොම සාකච්ජා කරලා දීර්ඝ කාලින ප්‍රතිපත්ති මුලධර්ම එක්ක රාමුවක් ඇතිකරන්න ඕනේ''
''මට ඉස්සරලා කතා කරපු ඇමතිතුමාත් වැදගත් කරුණු කිහිපයක් සදහන් කරා. අපිට මේ පාර්ලිමේන්තුවේ ශක්තිය තියෙන්න ඕනේ, මේකෙන් අලුත් මාර්ගයක් හොයන්න, රාමුවක් හොයන්න, අපි ඔක්කොම සාකච්ජා කරලා දීර්ඝ කාලින ප්‍රතිපත්ති මුලධර්ම එක්ක රාමුවක් ඇතිකරන්න ඕනේ .
ඒ අනුව මැතිවරණයකට ගිහින් කාටද මේක වඩා හොඳට කරන්න පුළුවන් කියල ජන්දේ ඉල්ලන්න, පොදු රාමුවක් ඇතුලේ. ජපානේ කරනවා, මහා බ්‍රිතාන්‍යයේ කරනවා, ඉන්දියාවේ කරනවා, කැනඩාවේ කරනවා, ඇයි අපිට මේක කරන්න බැරි ?
මේ ටිකට අපි එකඟ වුනොත් අලුත් යුගයකට යනවා. අපි මේ යථාර්තය හදුනාගෙන මේ යථාර්තය අනුව මේ දෙවැනි සැසිවාරයේ ඉඳන් අපි මේක ක්‍රියාත්මක කරමු" යයි ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
'කළ යුත්තේ වැටුණු ජනතාව ආරක්ෂා කර ගැනීමයි'
අප පාර්ලිමේන්තුවේ දී කළ යුත්තේ ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ වැට්ටීම නොව, වැටුණු ජනතාව ආරක්ෂා කර ගැනීම බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
සම්ප්‍රදායික දේශපාලන යෙදීමෙන් හෝ කෑගසා සටන් පාඨ කීමෙන් අර්බුදය විසඳන්න බැරි බව හිටපු අග්‍රාමාත්‍යවරයා, ප්‍රතිපත්ති වල ස්ථාවරභාවයක් නැතිව ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැති බවද සඳහන් කළේය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ද සඳහන් කළේය.
"අවුරුදු 34 කින් පස්සේ අපි මුහුණ දෙන උග්‍රතම ආර්ථික දේශපාලන අර්බුදය මැද ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළේ, අපේ විදේශ විනිමය ගැටලුව පමණයි" එත් අපේ රටේ ආර්ථික අර්බුදය ඊට වඩා ගැඹුරුයි" යයි හිටපු අගමැතිවරයා කියා සිටියේය.
ඊට උදාහරණයක් දෙමින් ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.
"ළඟදී ඉදිරිපත් කරපු ආර්ථික අතිරේක අයවැය යෝජනාව දෙසැම්බර් මාසයේ විසර්ජන පනතට ඇතුල් කරේ නැත්තේ ඇයි ? මේ පාර්ලිමේන්තුව රුපියල් බිලියන 2796 ක් මිලියන 406 ක් 558000 ක් අනුමත කළා. මේ අලුත් යෝජනාවෙන්, තවත් බිලියන 229 ක් අනුමත කරන්න කියනවා. තව 9% ක් ....
ඇයි මේක නොවැම්බර් මාසෙට ඇතුලත් කරේ නැත්තේ, මේක වැදගත් කාරණයක්. මේ රටේ රජයේ සේවකයින්ට සහන දෙනවනම්, ඒ වෙනුවට එදා කියනවා අතිරේක ඇස්තමේන්තු ගේන්නේ නෑ කියල, කොහොමද මේක ගේන්නේ ?
''වියදම් අඩු කරනවද ? වියදම් වැඩි කරනවද ? රුපියල් බිලියන 1000 ක අදායම් හිඟයක් තියන රටක් මේක. මම අහන්නේ කොහොමද මේ අවස්ථාවේ මේ මුදල හොයාගන්නේ කියල. ''
තව කාරණයක් තියනවා මේ අවුලේ. අද බලන්න මේ න්‍යාය පත්‍රය තුන් වන විෂය තමයි ඉදිරිපත් කළේ, විශේෂ සේවා හා භාණ්ඩ බදු GST 4 වන එක එකතු කල අගය මත බදු සංශෝධනය කරන්නේ කොයි රටේද මම අහන්නේ ? GST එකයි Vat එකයි දෙකම තියන්නේ ? එකතු කල අගය මත බදු තියනවනම් විශේෂ හා සේවා බදු නැහැ.
අපි ඉස්සරලා GST ක්‍රමයට ගිහින් එකත් ඉදිරිපත් කළේ UNP ආණ්ඩුවෙන්. ඊළඟට අපි මේවා සංශෝදනය කරල අපහු ගියා vat ක්‍රමයට. ඉතින් මේ vat ක්‍රමය සංශෝදනය කරලා ගෙනියන්න, දැන් දෙකම අපි අය කරන්නේ මොකෙන්ද ? එකම භාණ්ඩෙන්.
මේ ඔක්කොම අය කරන්න තියෙන්නේ රජයේ අදායම් බදු දෙපාර්තමේන්තුවෙන්. ඒ දෙපාර්තමේන්තුවෙන් කරන්න තියන දේ ඇයි මේ සැරේ මුදල් අමාත්‍යංශයෙන් කරන්නේ? මොනවද මුදල් අමාත්‍යංශයට තියන බලතල . මෙතනම මහා අවුලක් ඇතිකරගෙන තියනවා.
''පෙබරවාරි වෙනකොට මුදල් ඇමති ඒ ගැන කියන්න ඕනේ.''
අද ආර්ථිකය දිහා බැලුවොත් විශේෂයෙන්ම කාරනා 3 ක් තියනවා, මේ බර උසුලන්න වෙලා තියන්නේ සමෘද්ධිලාභින්ට, ත්‍රිරෝධ රථ රියදුරන්ට, කුඩා සුළු වෙළදුන්ට, අඩු අදායම් ලාභීන්ට.
අපි මැද පන්තියක් බිහි කලේ විවෘත ආර්ථිකයක් එක්ක, මේ විවෘත ආර්ථිකය ක්‍රියා විරහිත වෙනකොට ඒ මැද පන්තිය කඩා වැටෙනවා. ඒ වගේම වැඩි ලාබ ලබන සමාගම් සහ පුද්ගලයින් ස්වල්පයක් ඉන්නවා. මේ රට දුක් විඳිනකොට මේ ක්‍රමය යටතේ ඒ අයට වැඩි ලාබ ලබාගන්න පුළුවන්. බලන්න රජයේ ණය දිහා, 2019 ඉඳන් රුපියලෙන් ගන්නවා නම් මිලියන 13000 යි 2021 ජනවාරි ඉඳන් සැප්තැම්බර් වෙනකොට බිලියන 17000 යි .
එහෙනම් කොහොමද අවුරුදු 2 කින් මේක බිලියන 4 කින් වැඩි වුනේ. අන්න එතනින් පේනවා මේ ප්‍රශ්නේ. "ඒ එක්කම අපේ ණය ප්‍රමාණය දල දේශීය නිෂ්පාදනය අනුපාතයට ගත්තොත් දල දේශීය නිෂ්පාදනය 10 % යි , 2018 අපේ අදායම බිලියන 1933, වසර 2021 අපේ අදායම බිලියන 1052 , බිලියන 900 ක් නැතිවෙලා තියනවා.
අපි බැලුවොත් අපේ විදේශ විනිමයෙන් ගෙවන්න තියන ණය ඊළඟ අවුරුදු 6 ට මේ අවුරුද්දේ ඉඳන් 2026, වෙනකම් අපට ඩොලර් බිලියන 6 ක් හැම අවුරුද්දෙම ගෙවන්න වෙලා තියනවා. මේ ප්‍රශ්න තියන ආර්ථිකයත් දැන් තියනවා ඩොලර් බිලියනයක බැඳුම්කරය ගෙවීමට මොකද අපි ඒකට කරන්නේ ? පෙබරවාරි වෙනකොට මේ සභාවට මුදල් ඇමති ඒ ගැන කියන්න ඕනේ. ''
IMF ගැන කැබිනට් ප්‍රකාශක කියපු කතාව :
''මම දැක්ක ඩලස් ඇමතිතුමා ප්‍රකාශයක් කරලා තියනවා IMF එකත් එක්ක කතා කරන්න ඕනේ කියලා. IMF එකට යනවද අපිට පිළිගන්න පුළුවන් විකල්පයක් ඉදිරිපත් කරනවද ? අන්න ඒ දෙකෙන් එකක් අපි පෙබරවාරි මාසයේදී මුදල් ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.
මේ ප්රශ්නය පාවෙන්න දෙන්න බෑ," හොඳ විකල්පයක් තිබිය යුතුයි. නැත්නම් IMF එකට යා යුතුයි. මේ ගැන කැබිනට් මණ්ඩලයත් පෙබරවාරි වෙනකොට තීරණයක් අරගෙන මේ සභාවට දෙන්න.
මේ වෙනකොට අපේ සංචාරක අංශය කඩා වැටිලා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටිලා, නිවාස ඉදිකිරීම් කඩා වැටිලා. ඒ අයට පිළිතුරුවත් දෙන්නේ නැහැ. ඒවාට උත්තර දෙන්න.
මේ ව්‍යාපාර කඩා වැටීම නිසා බැංකුවේ බොල්ණය වැඩි වෙලා තියනවා, විදේශ සංචිතය නැති වෙලා තියනවා. එහෙනම් ඒ වගේම අපිට තව ප්‍රශ්න තියනවා,
''2035 දී රජයේ විශ්‍රාම වැටුප් ගෙවන්න අපට අදායමක් නැහැ. ''
වසර 2035 දී රජයේ විශ්‍රාම වැටුප් ගෙවන්න අපට අදායමක් නැහැ. ඒක එදා ඉඳන් ආව එකක්, ඒ විතරක් නෙවේ. අනාගත බලශක්ති උවමනාවල්වලට යොදන්න මුදල් නැහැ, ඩිජිටල්කරණයට කොහොමද මුදල් හොයන්නේ ? දේශගුණ විපර්යාස වලින් සිදුවෙන හානි වලට කොහොමද මුදල් හොයන්නේ ?මේවයි අපට අහන්න තියන්නේ.
ඒ වගේම ප්‍රශ්නයක් තියනවා. අවුරුදු ගණනාවක්ම තිබුණු ක්‍රමවේද මේ ආණ්ඩුව වෙනස් කරපු නිසා, ඩොලර් හිඟය නිසා, අද විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය නැතිවෙලා තියනවා.
ආණ්ඩුව හදන්න පුලුවන් ඊලග ආණ්ඩුවෙන් ඒ ප්‍රතිපත්ති රකිනවා කියන සහතිකේ ඔවුන් අහනවා, අන්න එකයි ලොකුම ප්‍රශ්නේ . මේකට කෙටි කාලින විසඳුම් ඕනේ, මධ්‍යම කාලින විසඳුම් ඕනේ. දීර්ඝ කාලින විසඳුම් ඕනේ,
''මම දෙන ප්‍රතිචාරයත් එකට විසඳුමක් නොවෙයි''
කොවිඩ් 19 නිසා මේක වැටුන කියල අපිට කියන්න බෑ, 2021 අවුරුද්දේ අපේ වටේ තිබුන හැම රටකම කොවිඩ් තිබුනත් විදේශ විනිමය සංචිතය වැඩිවුණා. ජනාධිපතිතුමා කියනවා එතුමා භාරගන්නකොට ඩොලර් බිලියන 7.2 ක ණය තිබුන කියල. ජනාධිපතිතුමා මේ ණය නිසා මේ ප්‍රශ්න ඇතිවුන කියනවනම් එක මේ ප්‍රශ්නෙට විසදුමක් නොවේ. මම දෙන ප්‍රතිචාරයත් එකට විසඳුමක් නොවෙයි.
අතීත කතාවලින් අපි බලන්නේ හේතු හොයන්න. ඒවා හේතු හොයන්න පුළුවන්, විසඳුම් හොයන්න බෑ, ඒ විසඳුම තමයි අපට දීල නැත්තේ. අපට මේ සභාවේ තියන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන එකත් නොවෙයි, ආණ්ඩුව වට්ටන එකත් නොවෙයි, අපිට තියන්නේ මේ වැටුන මිනිස්සු යළිත් ආරක්ෂා කරන්න.
''තරුණයන්ට විශ්වාසයක් දෙන්න''
''අපට ඕනේ මේ රටේ අනාගතය ගැන, මේ රටේ ජනතාවට විශේෂයෙන්ම තරුණයන්ට විශ්වාසයක් ලබලා දෙන්න. මේ ප්‍රශ්නෙට කෙටි විසඳුම් ඕනේ. ගෙදර ආර්ථිකයේ ස්ථාවර බාවයක් මෙරට ඇති කරන්න ඕනේ ආයෝජන විශ්වාසය ලබා ගන්න ඕනේ,
එතනින් විතරක් අවසන් වෙන්නේ නෑ, අපි ඉදිරියට ගිහින් මේ රටේ තරුණ පරපුරට හොඳ අනාගතයක් තියනවා කියල පෙන්නන්න ඕනේ, ඒක ලබා දෙන වැඩසටහනක් දෙන්න ඕනේ,
මම ඉපදෙද්දී ලංකාවයි ජපානෙයි එක තැන තිබ්බේ. අද මෙතන කතා කරනකොට ඇෆ්ගනිස්තානේ තියෙන්නේ,
අපි කොහෙද 2048 දී තියන්නේ, අපේ රටට නිදහස ලැබිල අවුරුදු 100 යි. අපි වැටෙනවද ? නැත්නම් අපි එකතු වෙලා ඉදිරියට ගිහින් දියුණු වෙනවද ? මේ දියුණුව ලබා දෙන්නේ නැත්නම් ඒ විශ්වාසය ලබා ගන්න බෑ,
එහෙනම් අපේ දිර්ඝකාලින ආර්ථික අරමුණක්, මධ්‍යම කාලින වැඩසටහනක්, කෙටි කාලින ආර්ථික කළමනාකරණය සඳහා වූ වුවමනාවක් අපි දැනගන්න ඕනේ, අලුත් මුල්‍ය කළමනාකරණ පනතක් ගෙනත් මේක ක්‍රියාත්මක කරන්න ඕනේ.
ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමා කතාව අවසන් කරනකොට කිව්වා මේ රටේ වර්තමානයේ වගේම අනාගතයේ ජිවත් වෙන අයටද අපි භාරකරුවන් කියල. මම කියන්නේ අපි වගකිව යුත්තේ තරුණ පරම්පරාවට, අපි ඒ අයගේ විශ්වාසය අපේ ක්‍රියාවලින් නැති කරලා තියනවා, ඒ පසුබිමේ අපි යළිත් කියන්නේ, ඒ වගකීම අපි ඉෂ්ඨ කරන්න නම් අපි අපිටම පහනක් වෙන්න ඕනේ.
ජනපතිගේ අලුත් turn එක බැසිල්ගෙන් පටන් ගනී ! | The Leader TV | Gossip
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!
සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?
මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන
ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip