ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධව කල්තැබීමේ විවාදයට වෙන් කෙරුණු කාලයෙන් සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා

වෙන් කෙරුණු කාලය අඩු කර ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා පැය දෙකහමාරක් වෙන් කිරීමට එකඟ වූ නමුත් පසුව කාලය අඩු කර ඇති බව ද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ කල්තැබීමේ විවාදයක් අවශ්‍ය බවට මුලින්ම යෝජනා කළේ තමා බව කී හිටපු අගමැතිවරයා, තමාට පැය භාගයක් ලබා දීමට එකඟ වී තිබූ නමුත් පසුව එයද කපා හැර ඇති බව සඳහන් කළේය.

විපක්ෂයේ පළමු කතාව තමාට දීමට එකඟ වී තිබූ නමුත් වෙනත් මන්ත්‍රීවරයෙකුට එය ලබාදී  තිබුණු බව කී රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා, එය ප්‍රශ්නයක් නොවන අතර පසුව කතා කිරීමට තමාට හැකියාව තිබෙන බවද කීය.

කල්තැබීමේ විවාදයේ කතා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයාට විනාඩි 15ක් පමණක් ලබාදී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ට පොරොන්දු වූ විනාඩි 20 ලබාදී නොමැති බවත් තමන්ට ආරංචි වූ බවද හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු විවාදවලදී විපක්ෂයේ කතිකයින්ට වේලාවන් වෙන්කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක කාර්යාලය විසිනි.

 

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයෙදී  ඊයේ (20) අදහස්  දැක්වූ හිටපු අගමැතිවරයා, සම්ප්‍රදායික දේශපාලනයෙන් වර්තමාන අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකි බවත්, අද අප මුහුණ දෙන්නේ මේ දේශපාලන ක්‍රමයේ අවසානයට බවත් අවධාරණය කර සිටියේය.

 

''මේ සම්ප්‍රදායික දේශපාලනයේ අපි උපරිම දුරට ඇවිත් තියනවා. සම්ප්‍රදායික දේශපාලනයේ යෙදීමෙන් අපට මේ අර්බුදය විසදන්න බෑ. අපි මෙතන කෑ  ගහනවා. විවිධ සටන් පාඨ කියනවා විතරයි, අපිට ප්‍රතිපත්ති ස්ථාවර භාවයක් නැතිව මධ්‍යම කාලින වැඩසටහනක් නැතිව මේ ප්‍රශ්නේ විසඳන්න අමාරුයි. ඒ නිසා අපි අද මුහුණ දෙන්නේ මේ දේශපාලන ක්‍රමයේ අවසානයට. මේ දේශපාලනයෙන් තව දුරට යන්න බෑ, ඒ අවසානය කියන්නේ, පාර්ලිමේන්තුවේ අවසානය නෙවේ, පාර්ලිමේන්තුවේ අපි අලුතින් හිතන්න ඕනේ" යයි ඔහු කියා සිටියේය.

 



සබැඳි පුවත් :


සම්ප්‍රදායික දේශපාලනයට තවදුරටත් ඉඩක් නැහැ - හිටපු අගමැති කියයි



එලවීමෙන් තොර විසඳුමක් නැත! | මොණරවිලගේ ලියමන |



ජනපතිගේ අලුත් turn එක බැසිල්ගෙන් පටන් ගනී ! Gossip



கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



225ටම ඇමතිකම්! | වියත්කතා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්