1200 x 80 DMirror

ශ්‍රී ලංකාවේ කොරෝනාබාධිතව මිය ගිය පුද්ගලයන්ගෙන් අඩකටත් වඩා දියවැඩියා රෝගීන් බව හෙළිවී තිබේ.



මාරාන්තික වසංගතය හේතුවෙන් මෙරට මියගිය ජනගහණයෙන් 52%කට අධික සංඛ්‍යාවක් දියවැඩියා රෝගීන් බවයි ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ උපසභාපති මෙන්ම කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසන්නේ.

ඔහු ඒ බව සදහන් කළේ ජනවාරි 19 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවති කොවිඩ් පිළිබඳ මාධ්‍ය හමුවේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

කොවිඩ් වැළදුණු දියවැඩියා රෝගීන්ට සහ අනෙකුත් බෝ නොවන රෝග පවතින රෝගීන්ට මියයෑමට ඇති ප්‍රවණතාවය කුමන හෝ රෝගයක් නොමැති වයස අඩු කෙනකුට ඇති ප්‍රවණතාවයට සාපේක්ෂව ඇතැම්විට දස ගුණයකින් පමණ වැඩි යැයිද, විශේෂඥ වෛද්‍යවරයා එහිදි  අවධාරණය කර තිබේ.

 

ඔහු තව දුරටත් පවසා ඇත්තේ අනෙකුත් රටවල සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී 60ට වැඩි වයස් කාණ්ඩයේ මියගිය අය අතර 84%ක්ම දියවැඩියාව සහ අනෙකුත් බෝ නොවන රෝගීන් බවයි.

 

එමනිසා මෙරටද දියවැඩියාව, අධික රුධිර පීඩනය හෘදයාබාධ වැනි අනෙකුත් බෝ නොවන රෝග ඇති අයටද ප්‍රමුඛතාවය ලබාදී එන්නත්කරණය සිදුකළ බව වෛද්‍යවරයාගේ අදහසයි.

මෙම වෛරසය දියවැඩියා රෝගීන්ගේ ශරීරයට ශ්වසන මාර්ගයෙන් ඇතුළු වූ පසු ඔවුන්ගේ අග්න්‍යාශය, හෘදය ඇතුළු අනෙකුත් ඉන්ද්‍රියන් වලට වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයට සාපේක්ෂව වැඩි වේගයෙන් ඇතුළු වන බවත්, එම නිසා එම රෝගයෙන් ඇතිවිය හැකි සංකූලතා වැඩිපුර ඇතිවන බවත්, ඒ හේතුවෙන් ඔවුන්ට සාමාන්‍යයෙන් එන ශ්වසන සංකූලතා වලට අමතරව හදිසියේ ඇති වන හෘදයාබාධ, අංශභාග වැනි තත්ව හේතුවෙන් ඇතැම්විට ඔවුන් මිය යා හැකි බව වෛද්‍යවරයා තව දුරටත් පැහැදිලි කර තිබේ.

271865241 294794732688967 5609744364505606565 n




එලවීමෙන් තොර විසඳුමක් නැත! | මොණරවිලගේ ලියමන |



ජනපතිගේ අලුත් turn එක බැසිල්ගෙන් පටන් ගනී ! Gossip



கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



225ටම ඇමතිකම්! | වියත්කතා

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය