වන්නියේ මුල් පෙලේ මාධ්‍යවේදියකුගේ වාර්තාකරණයට බාධා කළ බවට පොලීසියට චෝදනා එල්ලවී තිබේ.



මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ගේ වාර්තාකරණයට නැවත වතාවක් බාධා පමුණුවා ඇත්තේ මාන්කුලම් උසාවියේ රාජකාරියට යොදා සිටී පොලිස් නිලධාරින් විසිනි.

 බදාදා [19] දිනයේ මාන්කුලම් උසාවියේ වාර්තාකරණයට ගිය තවසිලන් උසාවි නාමපුවරුව ඇතුළු ඒ අවට පරිශ්‍රය රූගත කරමින් සිටිය දී ඊට එරෙහිවූ මෙම පොලිස් නිලධාරින් ඔහුට තර්ජනය කර තිබේ.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කළවිට, අධිකරණ නිලධාරීන්ගෙන් විමසීම සඳහා එම මාධ්‍ය හැඳුනුම්පත ද රැගෙන ගිය පොලිස් නිලධාරින් ඔවුන්ගේ ජංගම දුරකථන මගින් මාධ්‍යවේදී තවසිලන්ගේ ජායාරූප ගත් බව එහි සිටි සෙසු මාධ්‍යවේදියෝ පවසති.

 පොදුවේ වන්නියේත් විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේ තොරතුරු ජනමාධ්‍යයට වාර්තා කරන මුලතිව් ජනමාධ්‍ය සමාජයේ සභාපතිවරයාද වන ෂන්මුගම් තවසීලන් කිහිපවාරයක්ම ආරක්ෂක අංශ වල පීඩාවට ලක්වූ අයෙකි.

 
 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 
 
  
 
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 
 
 
 
කාවන්තිස්ස ආරූඪ වූ පොලිස් ලොක්කා කවුද? | Gossip



 
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



 
සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්