එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ඊයේ (10) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවති අතිශයින් තීරණාත්මක සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂයේ අයකු නොවන

රාජිත සේනාරත්න ඇමතිවරයාටත් රාජ්‍ය ආයතනයක් සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩිටත් අගමැතිවරයා විසින් ආරධනා කරනු ලැබුවේ කුමන පදනමකින් ද යන කාරණය සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨ නායකයින්ට ගැටළුවක් පැනනැගී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

අගමැතිවරයා වෙනුවෙන් පෙනීසිටීමට පක්ෂය තුල ජ්‍යෙෂ්ඨයින් කිසිවකු නොමැති ද යන කාරණය මෙයින් ඉස්මතු වන බව ඔවුන් පෙන්වා දෙයි.

අගමැතිවරයාගේ සමීප හිතවතකු වන දිනේෂ් වීරක්කොඩි, ඇමති ජෝන් අමරතුංගගේ බැණා කෙනෙකි.

ඊයේ (10) රාත්‍රි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පැවැති විශේෂ සාකච්ඡාවට රාජිත සේනාරත්න අමාත්‍යවරයාත් දිනේෂ් විරක්කොඩිටත් එක්වීමට නියමිත බව theleader.lkඊයේ පළමු වරට අනාවරණය කළේය.                                                                                                                                                  Sajith text BBC

කෙසේවුවද ඊයේ (10) පැවති සාකච්ඡාවේදී, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කරගැනීමට පක්ෂ නායකයා මෙන්ම නියෝජ්‍ය නායකයා කටයුතු කරනු ඇති බව වාර්තාවී තිබිණි.

සාකච්ඡා අවසානයේ මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ "සාකච්ඡා සුභවාදිව" අවසන් වූ බවය. ඉදිරි දින කිහිපයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි ජනතාවට දැන ගත හැකි වනු ඇති බව ඔහු එහිදී කියා සිටියේය. 

කෙසේවුවද 'බීබීසී සිංහල සේවය'ට අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළැඹ නැති බව පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදීමට නම් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන සෙසු පක්ෂවල සහය ඔහුට හිමි විය යුතු බව මෙම සාකච්ඡාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව බීබීසි සිංහල සේවය වාර්තා කරයි.

එම පක්ෂ සමග මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට දෙපිරිස අතර එහිදී එකඟතාවක් ඇතිවී තිබේ. 

සාකච්ඡා අවසානයේ මාධ්‍යට අදහස් දැක්වූ, ඊට එක්ව සිටි රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා "අපිට අදාළ අනිකුත් පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසාන එකඟතාවකට එනවා. සාර්ථක සාකච්ඡා අද සිදුවුණේ" යනුවෙන් කියා සිටියේය. 

රනිල් තරඟයට එන බවක් ප්‍රකාශ කර නැහැ :

තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට රනිල් වික්‍රමසිංහ නායකවරයා සාකච්ඡාවේදී කිසිවක් ප්‍රකාශ නොකළ බව ඊට සහභාගිවූ අමාත්‍යවරයෙකු කියා සිටියේය. 

"ගැඹුරු රැවටීමක් නෙවෙයි නම් මම හිතන්නේ අගමැතිවරයා හිත හදා ගෙන ඉන්නේ සජිත්ට ජනාධිපති අපේක්ෂක කම ලබාදෙන්න, ඉරිදා වෙනකොට සියලු කටයුතු අවසන් කරන්න එකඟ වුනා. දැනට සජිත් ඉදිරියෙන්" බව නම සඳහන් කිරීමට අකමැතිවූ අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා විය යුතු බවට ඇතැමුන් යෝජනා කළ කතානායක කරු ජයසුරිය ඊයේ සාකච්ඡාවට එක් නොවීය.  

(මුලාශය - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්