සිකුරාදා (21) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තරමක උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තාවේ.
එවැනි වාතාවරණයක් මතුව ඇත්තේ, එම පක්ෂයේ හිටපු උපනායක රවි කරුණානායක සහ නවින් දිසානායක දෙදෙනා, පක්ෂ නායකත්වය විසින් ගෙන ඇති ඇතැම් තීන්දු තීරණ ප්‍රශ්න කිරීම තුලයි.
අන්තර්ජාල වේදිකා හරහා පක්ෂයේ කටයුතු කරගෙන යාමට පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් රවී කරුණානායක මෙහිදී කනස්සල්ල පළ කර ඇති අතර එහිදී කරුණානායක පවසා ඇත්තේ, සමාජ මාධ්‍ය ප්‍රචාරවලින් පක්ෂයට සහයෝගයක් නොලැබෙන බවයි.
රවී කරුණානායකගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එජාප නායකයා ප්‍රකාශකර ඇත්තේ, රටේ තරුණ තරුණියන් තවදුරටත් පවතින දේශපාලන ක්‍රමයට සහය නොදක්වන බවත් එක්සත් ජාතික පක්ෂය තරුණයන් සමඟ නව අදහස් හුවමාරු කර ගැනීම පමණක් නොව නව මුහුණු සොයා ගත යුතු බවත් ය.
මේ අතර නව තරුණ මුහුණු කිහිපයක් පක්ෂයේ ප්රමුඛ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් ද රවි කරුණානායක මෙහිදී විවේචනයට කර ඇති අතර පළපුරුද්දක් නැති තරුණ සාමාජිකයන් වෙනුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් නොසලකා හරින බවට ද චෝදනා කර තිබේ.
හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු වූ උතුරු මැද හිටපු විපක්ෂනායක කස්තුරි අනුරාධනායක 2022 සඳහා වූ කෘත්‍යාධිකාරී කමිටුවේ සාමාජිකත්වය අලුත් කර නොමැති වීම ද රවී කරුණානායක ගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත.
මොහු පක්ෂය තුළ බෙදීම් ඇති කරමින් සිටින බවත් පක්ෂයේ බිම් මට්ටමේ සංවිධානය යළි ගොඩනැගීම සඳහා කිසිදු ක්‍රියාකාරී කාර්යභාරයක් නොගන්නා බවත් එහිදී පවසා ඇති එජාප නායකයා, ඔහු සමග සාකච්ජා කිරීමට තමා කිහිපවරක් උත්සහ ගත්ත ද ඔහු එය නොසලකා සිටි බවද පවසා තිබේ.
පක්ෂයට සක්‍රීය දායකත්වයක් ලබා නොදෙන කිසිදු සාමාජිකයකුට තවදුරටත් වගකීම් දැරීමට නොහැකි බවට එජාප නායකයා එහිදි අවධාරණය කර ඇත.
මේ අතර හිටපු කතානායක කරු ජයසුරිය youtube නාලිකාවක් හරහා තමන්ට එල්ල කර ඇති චොදනා සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පිලිතුරු ලබාදීමට සුදානම් වූ මොහොතේ, නවින් දිසානායක ඊට විරෝධතාවය පල තිබේ. මාධ්‍ය නිවේදනයක් මගින් අවශ්‍ය නම් ප්‍රතිචාර දක්වන ලෙස ඔහු පක්ෂ නායකයා ගෙන් ඉල්ලා ඇත.
එජාප නායකයා එහිදී පවසා ඇත්තේ මාධ්‍ය හරහා උත්තර දීමට තමා බලාපොරොත්තු නොවන බවත් පක්ෂයේ වගකිවයුතු ආයතනය වන කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙසේ දැනුවත් කිරීම ප්‍රමාණවත් ය.
( NEXTV )