කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති ධුරය සඳහා වැඩිම සුදුසුකම් ලැබූ තැනැත්තිය වෙනුවට වෙනත් අයකු පත්කිරීමට

ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වහාම සොයාබල වාර්තාවක් ලබාදෙන ලෙසත් එතෙක් කිසිඳු පත්වීමක් සිදු නොකරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට නියෝගකර ඇත.

ජනාධිපතිවරයා එවැනි නියෝගයක් ලබාදී ඇත්තේ, කොළඹ විශ්විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ වෙනත් වෘත්තිකයින් කිහිපදෙනෙකු විසින් කළ පැමිණිලි සලකා බලමිනි.

පුරප්පාඩුවී තිබෙන කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති ධුරය සඳහා එම සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබාගත් මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පත්කරන ලෙස අගමැතිවරයා විසින් උපදෙස් දී තිබිය දී, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ මනෝමි සෙනවිරත්න පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විරෝධය පළ කර තිබේ.

මනෝමි සෙනවිරත්න විශාඛා විදුහල්පති ලෙස පත්කිරීමට එරෙහි වන ඇතැමුන් දක්වා ඇත්තේ ඇය කලක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරියක වශයෙන් සේවය කරනු ලැබූ අතර එහිදී ඇය හට ආසියානු සංවර්ධන බැංකුව හරහා විභාග දෙපාර්තමේන්තුවට ලබාදුන් මුල්‍යාධාර මත රුපියල් මිලියන 08ක් වියදම් කොට ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක “තක්සේරුව” පිළිබඳව පුහුණුවක් ද ලබාදීම සිදු කළ බවය.

එවැනි පුහුණුවක් ලද කෙනෙක් ඵලදායී ජාතික සේවයක් ලබා ගැනීම සඳහා කළ යුත්තේ පාසලකට යොමු කිරීම නොවන බවය.

විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ විරෝධය නොතකා මනෝමි සෙනවිරත්න පසුගිය සැප්තැම්බරයේ රත්නපුර සුමන බාලිකාවේ විදුහල්පතිනිය ලෙස පත්කිරීමටත්, දෙසැම්බර් මාසයේ විශාඛා විදුහල්පතිනිය තොරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවීමටත්, සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කිරීමටත්  කටයුතු කර ඇයව කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට චෝදනා එල්ලවෙමින් තිබේ.

(මුලාශ්‍රය -lankasara.com)

 

Leader Whats app


 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 
   
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 
 
 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්