'අරුණ' පුවත්පත ප්‍රකාශයට පත්කරන ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම, පසුගියදා අධිකරණය හමුවේ දී සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ ගෙන් සමාව ගෙන තිබිණ.


ඒ, 'සති අග අරුණ' පුවත්පතෙහි  2018-12-09 වැනි දින "පුරවැසි බලය ඇත්තෝ යහපාලනෙන් ගොඩේ ගොඩ" දඹර අමිල, සරත් විජේසුරිය, ගාමිණී වියන්ගොඩ හා සමන් රත්නප්‍රිය හම්බ කරගත් හැටි" යන  ශීර්ෂ පාඨය යටතේ පළවූ පුවත් වාර්තාවකින් තමාට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ගාමිණී වියගොඩ විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබු පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය.

කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ ඉදිරියේ ජනවාරි 18දින එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ මැදිහත්වීම මත සමතයට පත්කරගනු ලැබුවේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් 'අරුණ' පුවත්පතේ සමාව ගැනීමේ නිවේදනයක් පලකිරීමේ කොන්දේසිය මතය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය ගේ උපදෙස් මත නීතිඥ ශලිනි වීරරත්න, නීතිඥ දර්ශිකා උඩුගම සමඟ නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙනී සිටි අතර විත්තිකරුවන් සහ සමාගම වෙනුවෙන් නීතිඥ ශමික ප්‍රනාන්දු පෙනී සිටියේය.



'ගාමිණී වියන්ගොඩට අපගේ කනගාටුව ' යන ශිර්ෂයෙන් යුතුව 'අරුණ' පුවත්පතේ පළකර ඇති සටහන : WhatsApp Image 2022 01 22 at 12.27.56 PM




"සති අග අරුණ" පුවත්පතෙහි  2018-12-09 වැනි දින ගාමිණී වියන්ගොඩට සම්බන්ධයෙන්,


"පුරවැසි බලය ඇත්තෝ යහපාලනෙන් ගොඩේ ගොඩ" දඹර අමිල, සරත් විජේසුරිය, ගාමිණී වියන්ගොඩ හා සමන් රත්නප්‍රිය හම්බ කරගත් හැටි" යන  ශීර්ෂ පාඨය යටතේ එකී පුවත්පතෙහි 19 වැනි පිටුවෙහි පළ වු ලිපියෙහි අන්තර්ගත තොරතුරු අතුරින් ගාමිණී වියන්ගොඩ මහතා සම්බන්ධයෙන් වූ තොරතුරු, පසුව හෙළිදරව් වූ කරුණු අනුව නිවැරදි නොවූ බවට තහවුරු වූ අතර එකී ලිපිය මගින් ගාමිණි වියන්ගොඩ මහතා හට ඇති වූ සිත්තැවුල හෝ අගතිය සම්බන්ධයෙන් "සති අග අරුණ" පුවත්පතෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ කර්තෘ මණ්ඩලයේ කණගාටු ප්‍රකාශ කර සිටිමු.

ගාමිණි වියන්ගොඩ විසින් ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් "සති අග අරුණ" පුවත් පතෙහි ප්‍රධාන කතෘ මහින්ද ඉලේපෙරුම හා මාධ්‍යවේදිනී සුරේකා සමරසේකර යන අයට  දිරිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ අපහාස නඩුව පැමිණිළිකරු සහ පළමුවන, දෙවන සහ තුන්වන විත්තිකරුවන් මෙම නඩුව පූර්ණ සහ අවසාන වශයෙන් සමතයක⁣ට පත් කර දෙපාර්ශවය එකග වූ කොන්දේසිය අනුව මෙම නිවැරදි කිරීම පළ කරන ලදී.

Leader Whats app


 
 
 අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 
   
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 
 
 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්