කුවේට් හි මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස්

ඇතැයි වාර්තා වෙයි.

මේ පිලිබඳ සමාජ මාධ්‍ය ජාලා හි සංසරණය වන වීඩියෝ දර්ශන මගින් ගොඩනැගිල්ලේ පහළ අධික ගින්නක් පවතින බවත්, ඉහළ මහලෙන් ඝන කළු දුමාරයක් පැතිර යන බවත් දක්නට ලැබේ.

ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු වත් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බලධාරීහු පවසති. මියගිය වැඩි පිරිසක් එහි විසූ විදේශික ශ්‍රමිකයන් බව පැවසේ.

එම නේවාසික ගොඩනැගිල්ල, නියමිත ප්‍රමිතීන් උල්ලංඝනය කර ඉදිකර ඇතැයි බලධාරීහු චෝදනා කරති. කුවේට් වේලාවෙන් අද පෙ.ව. 06:00 ට (GMT 03:00) මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න මේ වන විට පාලනය කර ඇති බවත්, මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවත් වාර්තා වෙයි.

ගින්න හටගන්නා අවස්ථාවේ නේවාසික ගොඩනැගිල්ලේ "විශාල පිරිසක්" සිටි බව කුවේට් පොලිසිය සඳහන් කරයි. ඉන් වැඩි පිරිසක් ඉන්දියානු ජාතිකයින් බව වාර්තා වෙයි. ගින්නෙන් එරට වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානි සිදු වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

කුවේට් ජනගහනයෙන් තුනෙන් දෙකක් විදේශීය ශ්‍රමිකයන්ගෙන් සමන්විත වන අතර, විශේෂයෙන්, ඉදිකිරීම් සහ ගෘහාශ්‍රිත ක්ෂේත්‍රවල සංක්‍රමණික ශ්‍රමිකයෝ රැසක් සේවය කරති.

(සටහන: හර්ෂ උදයකාන්ත) 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්