theleaderlk 01

මධ්‍යම ගාසා තීරයේ, නුසෙරත් (Nuseirat) සරණාගත කඳවුර වෙත  මීට පැය කිහිපයකට පෙර ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉන්, අවම වශයෙන් පුද්ගලයින්

04 දෙනකුවත් ජීවිතක්ෂයට පත්වී 11 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින බටහිර ගාසා තීරයේ සිදු කළ ප්‍රහාර වලින් මියගිය පුද්ගලයින් 05 දෙනකුගේ සිරුරු සොයා ගත් බව පලස්තීන අඩ සඳ (Palestinian Red Crescent ) සහන කණ්ඩායම් ප්‍රකාශ කරයි.  

 

deccanherald 2023 10 064b5394 6674 456f ba5c de069308d7c4 2023 10 07T121054Z 798719312 RC2NN3AGLFLV RTRMADP 5 ISRAEL PALESTINIANSඅද ඊශ්‍රායල ගුවන් හමුදා, බටහිර ගාසා තීරයේ තුබස් (Tubas) නගරයේ අල්-තව්හිද් මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයට ද ගුවන් ප්‍රහාරයක් එල්ල කළහ

අද ඊශ්‍රායල ගුවන් හමුදා, බටහිර ගාසා තීරයේ තුබස් (Tubas) නගරයේ අල්-තව්හිද් මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයට ද ගුවන් ප්‍රහාරයක් එල්ල කළහ. මේ වන විට, එහි හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක බව ඊශ්‍රායලය  පවසයි.  

ගිලන් රථ මගින් තුවාල  කරුවන් රෝහල් කරා ප්‍රවාහනයට ද හමුදා, බාධා කරන බව වාර්තා වේ.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) හි නිවසක් වෙත එල්ල වූ තවත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනකු ජීවිතක්ෂයට පත් විය.

ඊයේ (10) ගාසා හි අල්-මවාසි  (al-Mawasi) මානුෂීය කලාපයේ සරණාගත කඳවුර වෙත එල්ලේ වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය බිහිසුණු භූමි කම්පාවක් මෙන් දැනුණු  බව ප්‍රදේශවාසීහු පවසති. අග්නි ජාලාවක් සේ මිසයිල පහක් ඇද වැටී පුපුරා ගිය අතර, පිපිරීමෙන් පොළොව උඩු යටිකුරු වී ගිය බව, ඔව්හු පවසති.

 

2024 07 13T094908Z 886978343 RC29U8AM1RW6 RTRMADP 3 ISRAEL PALESTINIANS 1720866765ගාසා හි අල්-මවාසි  මානුෂීය කලාපයේ සරණාගත කඳවුර වෙත එල්ලේ වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය බිහිසුණු භූමි කම්පාවක් මෙන් දැනුණු  බව

යේමනයට ඉහළ අහසේ හුති (Houthi) ත්‍රස්තවාදීන්ට අයත් ඩ්‍රෝන යානා 05ක් ඇමෙරිකානු හමුදා විසින් විනාශ කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ඇතුළු වීමට අවස්ථාව සලසන ලෙස විදෙස් මාධ්‍ය සංගමය (Foreign Press Association) විසින්  කරන ලද ඉල්ලීමක්, ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළේය.  

ඊට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නව පෙත්සමක් ගොනු කිරීමට සංගමය විසින් පියවර ගෙන තිබේ. ගාසා තීරයට වහා ඇතුළුවීමට ඉඩ ලබා දෙන ලෙස එමගින් ඉල්ලා ඇත.

ඊශ් රායලය

මාධ්‍ය නිදහස පිලිබඳ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන බවට 'වහසි බස් දොඩන' ඊශ්‍රායලයේ 'බැටළු හම' සමස්ත ලෝකයා ඉදිරියේ ගැලවී ඇතැයි එම සංගමය පවසයි.


 මේ අතර, ගාසා තීරයේදී ඝාතනය කෙරුණු ඇමෙරිකානු පුරවැසි භාවය සහිත සමාජ ක්‍රියාකාරිනියකගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක්, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු නොකිරීම පිලිබඳ ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් වෙත ඇගේ පවුලේ සාමාජිකයින් විසින් විරෝධය ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල ස්නයිපර් හමුදා භටයකු විසින් මීටර 200ක පමණ දුරක සිට, හිසට වෙඩි තබා ඇයව ඝාතනය කර ඇති බව අල්ජසීරා (Aljazeera) පුවත් සේවය වාර්තා කරයි.

හමාස් සංවිධානය භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේ නම්, ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන හමාස් සංවිධානයේ නායක යහ්යා සින්වාර් (Yahya Sinwar) නිදහස් කළ  හැකි බවටත්, ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ආරක්ෂිතව රටින් පිටවීමට පහසුකම් සලසන බවටත්, නව යෝජනාවක් ඉදිරිපත් කෙරේ.  

WhatsApp Image 2024 09 09 at 13.14.05ගාසා තීරයේ හමාස් අත්අඩංගුවේ පසුවන ප්‍රාණ ඇපකරුවන් පිලිබඳ ඊශ්‍රායල විශේෂ නියෝජිත ගැල් හර්ෂ් (Gal Hirsch) විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ

ගාසා තීරයේ හමාස් අත්අඩංගුවේ පසුවන ප්‍රාණ ඇපකරුවන් පිලිබඳ ඊශ්‍රායල විශේෂ නියෝජිත ගැල් හර්ෂ් (Gal Hirsch) විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ. බ්ලූම්බර්ග් ප්‍රවෘති (Bloomberg News) සේවාව සමග වොෂින්ටනයේ පැවති පුවත් සාකච්ඡාවකදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

ගාසා තීරය කළමනාකරණය කිරීම පිණිස හමුදාකරණයෙන් සහ රැඩිකල් භාවයෙන් තොර නව ක්‍රමවේදයක් අවශ්‍ය බව ඔහු පැවසීය.  

ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන සින්වාර්, ඔක්තෝබර් 07 ඊශ්‍රායලයට එරෙහි බිහිසුණු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin  Netanyahu), යහ්යා සින්වාර් සහ මොහම්මද් ඩෙයිෆ් (Mohammed Deif) ඇතුළු හමාස්  නායකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන නඩු පැවරුම් නිලධාරියා විසින් එහි විනිසුරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

 

GG4fbL8rsUPQYspzUvPbdi 1200 80මැද පෙරදිග වත්මන් යුද ගැටුම්, එක්සත් ජනපද ජනපතිවරණ සටනේ ප්‍රධාන මාතෘකාවක් බවටද පත්ව තිබේ.

මැද පෙරදිග වත්මන් යුද ගැටුම්, එක්සත් ජනපද ජනපතිවරණ සටනේ ප්‍රධාන මාතෘකාවක් බවටද පත්ව තිබේ.

සිය රජයක් යටතේ, ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කෙරෙන බව ජනපති අපේක්ෂක කමලා හැරිස් (Kamala Harris) පවසයි. එහෙත් ඇය මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරිය වුවහොත්, තවත් දෙවසරකින් ඊශ්‍රායලය ' සුන්නද්ධූලි' වන බව ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අවධාරණය කරයි.


(Aljazeera   ඇසුරින් සටහන;  හ ර් ෂ  උදයකාන්ත)

මූලාශ්‍ර:

Israel kills 27 more Palestinians amid outcry over al-Mawasi camp attack


pe2024 2

worky sin

නවතම පුවත්