ටිකක් පොෂ් ගතියට බර කෙල්ලක් පොලිස් බාධා වලට උඩින් බඩගාලා පොලිසියේ එක්කෙනෙකුට මලක් දෙන රූපය අරගලයට නැවුමු පණක් එක්කරනවා.
ඇත්තටම මට ඒක ඉන්බොක්ස් ආපු වෙලාවේ මගේ ඇහැ ගියේ දෙන කෙනාට නෙවෙයි. අනික් පැත්තේ ඉඳල ඒක ගත්ත කෙනාට.
නිල ඇඳුම ඇඳලා අනික් පැත්තේ හිටියට එතන තමයි අරගලයේ ඒකාත්මික බව. ඒක තමයි සහයෝගීතාව. සංගතිය. solidarity.
මේක අපේ අරගල ඉතිහාස දෙකක නොතිබිච්ච, සිදු වෙන්න ඉඩ නොදුන්න, මේ පරම්පරාව විසින් හඳුන්වා දුන්න අලුත් ප්‍රවේශයක්.
අපේ පැත්තෙන් කිව්වොත් එයාලා පියවර ගණනක් ඉදිරියට!(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)