අනූෂා සොනාලි මියගිය ප්‍රවෘත්තිය උදෙන්ම මට ලොකු දුකක් ඇති කළා.
අනූෂා සොනාලි කියන්නෙ මං කැමති නිළියක් නෙමෙයි. ඒත් දක්ෂතාවය තිබුනු නිළියක්.
විසිදැල චිත්‍රපටයෙ අනූෂා කරපු චරිතයට මං ඉතාම කැමතියි.
ඒ වගේම එයා ලංකාවෙ සිනමා තිරය උඩට අනුරාගය අරගෙන ආවා.
අපේ රටේ නිළියො කියන්නෙ කීප දෙනෙක් ඇරුනම ඉතාම බයගුළු පිරිසක්. ඒ අය තමන්ගෙ නිරුවතට බයයි.
නිරුවත තමයි සිනමා තිරය උඩ පවතින අභියෝගාත්මකම ප්‍රකාශනය වෙන්නෙ.
එතනින් එහාට ඇතිවෙන කැත ගඳගහන සංස්කෘතික ප්‍රතිරෝධය කෙනෙකුට දරාගන්න අමාරුයි.
කවුරු හරි නිළියක් තිරය උඩ නිරුවත් වුනොත් බීගත්ත පිරිමි කෝල් කරන්න ගන්නවා. දේශපාලකයො කොහොම හරි ඒ ගෑනි එක්ක නිදියන්න හදනවා.
එහෙම බැරි නං නිදියන්න සිද්ද වෙන ගානට ඇයව පත් කරනවා. මේකට කියන්නෙ 'baduwa කරලා ගහනවා' කියල.
අනූෂා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීපු ගැහැණියක්.
ඇගේ නිරුවත විසින් ඇයව අපචාරී ලෝකයක හුදකලා කරනවා.
ඊට පස්සෙ කාලෙක ඇයගෙ පෝර්න් එකක් රිලීස් වෙනවා.
ඒක මට කිසි දවසක රස විඳින්න බැරි ලිංගිකත්වය පාදඩකරණය කළ වීඩියෝවක්.
අනූෂාට සිද්ද වෙන දේ ගැන ඒ දවස්වලමත් මට ඇති වුනේ දුකක්.
ඒ හැමදෙයක්ම තිරය උඩ ඇය බය නැතුව ප්‍රදර්ශනය කළ අනුරාගය නිසා කියලයි මං විශ්වාස කරන්නෙ.
මේ විදිහට බය නැතුව තිරය මත නිරුවත් වෙලා, ඊට පස්සෙ තමන්ගෙ ජීවිතය කෙළවා නොගෙන බේරෙන්න පුළුවන් වුනේ සුමනා ගෝමස්ට විතරයි. ඒ එයා ලංකාව අතෑරලා ඇමරිකාවට ගිය හින්ද.
කැමරාවක් ඉදිරියේ නිරුවත් වෙන්න බය නැති හැම ගැහැණියක්ම මට ගෞරවනීයයි.
ඒ මගේ පූජනීය ගැහැණුන් අපේ සදාචාරය විසින් කෙලෙසා මරා දමන හැටි ශෝචනීයයි.
අනූෂා, ඔබට ජීවත් වෙද්දි ලබන්න බැරි වුනු ඒ සුවදායක නින්ද මරණයෙන් පසුව හෝ ලැබේවා..
සුර දූතිකාවෝ ඔබ සනසන්නට නැළවිලි ගී ගයත්වා!(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සබැඳි පුවත් :
රංගන ශිල්පිනි අනුෂා දිවිය හැර යයි